Gossip

අමායාගේ අලුත් පෙම්වතා හර්ෂ ධනෝෂ් ද? හර්ෂ සියලලටම පිළිතුරු දෙයි

අමායා අදිකාරී කියන්නේ මේ වෙද්දි ඉතා ජනප්‍රිය චරිතයක්. කොහොමවුනත් අමායා ගැන පසුගිය දවසවල අලුත් කතාබහක පැතිරෙන්න පටන ගත්තා. ඒ හර්ෂ ධනෝෂ් නමැති ගායකයා ඇයගේ පෙම්වතා බවටයි. ඔවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධතාවය සහ හර්ෂගේ අලුත් වැඩකටයුතු ගැන හර්ෂ පුවත්පතකට කියලා මේ විදියට කියලා තිබුණා.

කොහොමද හර්ෂ මේ දවස්වල වැඩකටයුතු…?
හොඳයි. වරදක් නැහැ. හැමදේම හොඳින් කරගෙන යනවා. සංගීත වැඩ කටයුතුවලට මුල්තැනක් දීලා තියෙනවා මේ දවස්වල.

හර්ෂගේ ගීතවලින් වැඩිපුරම ජනප්‍රිය වුණේ මොන ගීතයද..?
ගොඩක්ම ජනප්‍රිය වුණේ “තරහක් නෑ” ගීතය.

ධනෝෂ් වැඩි සද්ද බද්ද නැතිව නේද මේ ගමන යන්නෙ..?
ඔව්. මම සින්දු කියන්නෙ අවුරුදු 18ක ඉඳන්. ඒත් මම එළියට ආවේ, මාව ප්‍රේක්ෂකයන් දැනගත්තේ දැනට අවුරුදු තුනකට කලින්. මගේ පසුගිය අවුරුදු පහළොවේ අත්දැකීම් මේ ගමනට ලොකු රුකුලක් වුණා.

හර්ෂගේ වැඩවල දී තීරණ ගන්නෙ ඔයාම ද..?
ගොඩක් වෙලාවට මගේ දේවල් කරගන්නෙ මම තමයි. හැබැයි රැකියාව පැත්තෙන් බලනකොට ගීතය හදන්න උදවු වෙන හැමෝගෙම තීරණ ගැන සලකා බලනවා.

එතකොට අමායා අධිකාරි හර්ෂගේ වැඩවල දී තීරණ ගන්නවා කියන්නේ..?
එයා ඉතින් අදහස් දෙනවා එච්චරයි.

අමායා හර්ෂගේ පෙම්වතිය කියන්නෙ ඇත්ත ද..?
ඒක ඉතිං එයාගෙන්ම තමයි අහන්න ඕන. මට කලින් පෙම්වතියක් ඉඳලා තියෙනවා. දැන් නම් පෙම්වතියක් නැහැ.

තනිකඩ ජීවිතයට කැමැති ද..?
ඒක කියන්න බැහැ. දිගටම තනිකඩව ඉඳියි ද කියන්නත් බැහැ.

ඇයි දිගටම තනිකඩව ඉන්න හදන්නේ..?
මෙහෙමයි. මම ආස මියුසික්වලට. ඒකට බාධාවක් වෙන්නෙ නැති වෙන්න ඉන්න තමයි මම කැමැති. මොකද මට ෆුල් ටයිම් මියුසික් කරන්න ඕන. මට වෙන රැකියාවක් කරන්න හිතෙන්නෙ නැහැ. ඒ තරමටම මියුසික්වලට ඇබ්බැහි වෙලා.

සංගීතය පැත්තෙන් ඔබ කාවහරි අනුගමනය කරනවද..?
ප්‍රවීණ ගායකයන්ගෙ සින්දු මම අහනවා. ඒත් මම එයාලව අනුගමනය කරන්නෙ නැහැ. මට ඕනෙ මම මමම වෙන්න. හැබැයි මම බ්‍රයන් ඇඩම්ස්ගෙ හඬට හරි ආසයි.

ප්‍රසංග වේදිකාවේ වැඩ ජයයි ද..?
ගොඩක් වැඩ ලැබෙනවා. ඉස්සරහටත් තව ෂෝ කිහිපයක් ලැබිලා තියෙනවා. ඒවටත් සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විදේශ ප්‍රසංගවලට ලැබෙන ආරාධනා කොහොමද..?
ආරාධනා ලැබිලා තියෙනවා. ඒවටත් යනවා. මොකද ලෝකයේ හැමතැනම අපේ ශ්‍රී ලාංකික රසිකයො ඉන්නවානේ.

හර්ෂ වැඩවල දී ගණන් උස්සන කෙනෙක්ද..?
අනේ නැහැ. මම ගොඩක් ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් මගේ ගාණ මම ගන්නවා. ඒත් සමහර වැඩවලට සතයක්වත් ගන්නෙ නැහැ.

වර්ණ සංගීත කණ්ඩායම එක්කත් වැඩ ඇති..?
ඔව්. ඩ්‍රීම් ස්ටාර් කිහිපදෙනෙක් එකතුවෙලා තමයි වර්ණ බෑන්ඩ් එක පටන් ගත්තේ. තව කිහිපදෙනකුත් ඉන්නවා. චතුරංග ඩී. සිල්වා තමයි බෑන්ඩ් එකේ කළමණාකරු. ඒ වැඩෙත් නැගලා යනවා.

මොනවද අලුත් වැඩ…?
රොක් ගීත දෙකක් කරලා තියෙනවා. රේරු සහ චන්දන අයියා එක්ක ආයෙ සින්දුවක් කළා. ඉදිරියේ දී මගේ තවත් අලුත් ගීතයක් රසිකයන්ට අහන්න ලැබෙයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!