Gossip

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ පුතෙකු සිත්තැවුලක් නිසා ජීවිත ගමනට සමුදෙයි – Photos

පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඒ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තමා තෝරා නොගත් බවට ඇතිවු සිත් තැවුලක් හේතුවෙන්.
මෙලෙස අවසන් ගමන් ගොස් තිබුණේ පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අමීර් හනීෆ් ගේ පුත්‍රයා වන මොහොමඩ් සරීබ්.
1990 වසරේදී පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අමීර් හනීෆ් එරට වෙනුවෙන් එක්දින තරඟ 5ක් ක්‍රීඩාකොට ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා 19 න් පහළ කණ්ඩායමට තෝරා නොගැනීම හේතුවෙන් දැඩි සිත් තැවුලකින් පසුවු බවයි.
පසුගිය ජනවාරි මාසයේදී පකිස්ථාන 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් සරීබ්ට ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු විවේක ගැන්වීමට කණ්ඩායම් බලධාරීන් තීරණය කොට තිබුණා.
මොහොමඩ් සරීබ් එම තීරණයට අකමැත්ත පළකොට ඇති අතර නැවත කණ්ඩායමට කැඳවන බවට ලබාදුන් පොරොන්දුවකට අනුව ඔහු ඉවත්වී තිබෙනවා.
පසුව සරීබ්ගේ වයස වැඩි බව පවසමින් යළිත් කණ්ඩායමට නම් කිරීම ප්‍රතික්ෂේප කිරීමට බළධාරින් කටයුතු කර ඇති අතර පුහුණුකරුවන් විසින් සහ 19 න් පහළ කණ්ඩායමේ කටයුතුවලට මැදිහත්වන පිරිස් විසින් තම පුත්‍රයාට සියදිවි නසා ගැනීමේ තත්වයකට පත්කර ඇතැයි අමීර් හනීෆ් චෝදනා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!