Gossip

“Audi යක් දිනාගන්න කැමති පාට Comment කර ෂෙයා කරන්න” ඔබත් මේ බොරුවට රැවටුණාද..? ඇත්ත කතාව මෙන්න

නිතරම අන්තර්ජාලයේ සැරිසරන ඔබත් මේ දවස්වල දකින්න ඇති ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගමක් වන Audi සමාගමේ වෙළඳ සන්නාමය භාවිත කරමින් මුහුණුපොතේ සැරිසරන පුවතක් ගැන.
එහි සඳහන් වුණේ Audi මෝටර් රථ සමාගමේ 110 වන සංවත්සරය වෙනුවෙන් මෝටර් රථ පහක් පිරිනමන බවයි.
ඒ සඳහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුව පළමුව ලයික් කර ඔබ කැමති මෝටර් රථයේ වර්ණය කමෙන්ට් කර ඉන්පසුව එය හුවමාරු කරගන්නා ලෙස සඳහන් කර තිබෙනවා.
අහඹු ලෙස තෝරාගන්නා ජයග්‍රාහකයන් 5 දෙනෙකුට මෝටර් රථ පිරිනමන බවත් එහි සඳහන්.
මෙය දුටු වහාම බොහෝ දෙනෙක් අදාල ක්‍රියාදාමයන්ට අනුව කටයුතු කර තිබෙනු අපටද දැකගැනීමට හැකිවුණා.
මෙම පුවත 52000 කට අධික ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබුණා.
මේ පිළිබඳව Audi ශ්‍රී ලංකා සමාගම පවසන්නේ මෑත කාලයේ මෙවැනි ප්‍රවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!