Gossip

කඳුලක් ඉතිරි කරමින් මාරක අනතුරින් අවසන් ගමන් ගිය තරුණ ජීවිතය – Photos

යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ යාපනය නාවට්කුලි විද්‍යාලය ඉදිරිපස සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ග‍ය ආසන්නයේ පැවති විදුලි කණුවක ගැටී ඇති බවයි.

ඊයේ (23) සිදුවු මෙම අනතුරින් 23 හැවිරිදි විජයරත්නම් ප්‍රසාන්ත් නමැති තරුණයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ගුණරාසන් තිරුක්කුමරන් නමැති 27 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!