Gossip

විද්‍යාටත් වුණේ මේ දේම නේද? – යාපනයේ තවත් පාසල් ශිෂ්‍යාවක් අතුරුදන්

මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුවියක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනයේ කෝපායි පොලීසිය පවසනවා.

මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ තුන්වන පටුමගේ පදිංචි පහලොස් හැවිරිදි පාසල් සිසුවියක් යාපනයේ කල්වියන්කාඩු පළාතේ ඥාතී නිවසකට ගොස් සිටියදී අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ශිවනේෂන් කස්තුරි නැමති සිසුවියක් බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය පසුගිය 18 වෙනිදා අලුත් අවුරුද්ද වෙනුවෙන් ඥාතීන් සමග මුලතිව් සිට යාපනයට පැමිණ ඇති අතර පාසල් නිවාඩු නිසා ඇය ඥාතී නිවසේ නතර වී තිබෙනවා.

මෙසේ සිටින අතර තුර 22 දා සවස සිට එම දැරිය අතුරුදහන් බවට යාපනයේ කල්වියන්කාඩු නිවසේ උදවිය කෝපායි පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

කෝපායි පොලීසිය මේ පිළිබඳව මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියටද දැනුම් දී ඇති අතර සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!