Gossip

භාවනාව කොරෝනාවට එකම බෙහෙතද..? පරීක්ෂණවලින් හෙළිවූ අරුම පුදුම කතාව

සිතිවිල්ලක් යනු භෞතික ශක්තියකි. ඒ සෑම සිතිවිල්ලකටම අදාළ සංඛ්‍යාතයක් ඇත. අපගේ සිතිවිලි යහපත් හෝ අයහපත් වුවද ඒ සෑම සිතිවිල්ලකින්ම නිශ්චිත සංඛ්‍යාතයක් උපදී. ඒ නිසා හැම විටම විශ්වයෙන් අපට ළඟා කර දෙන්නේ ද අපගේ සිතිවිලි හරහා ප්‍රාර්ථනා කරන දේමය. නමුත් අයහපත් ප්‍රාර්ථනාවකට වඩා යහපත් ප්‍රාර්ථනා සාර්ථක වීමේ හැකියාව සිය දහස් ගුණයකින් වැඩිය.
වර්තමානයේ අප මුහුණ දී තිබෙන කොවිඩ් -19 වසංගතයේ දී වුවද එයින් මා ආසාදිතයකු වේවි යැයි නිතර නිතර ඔබ බය වී ඒ පිළිබඳම සිතුවොත් ඔබේ යටි සිතින් කරන්නේ එම රෝග ලක්ෂණ ඔබ තුළ මතු කරවීමයි. එවිට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා හරියට ක්‍රියාත්මක නොවේ.
ඒ, අපි සිතින් ඒ පවා රෝගය වැළදගෙන නිසාය. මෙවැනි දෙයකට ඔබව යටත් කර ගැනීමට ඉඩ දිය යුතුද..? නැත. නමුත් එසේ කියා බය සම්පූර්ණයෙන් නැති කර ගැනීම ද එතරම් නුවණට හුරු නොවේ. මෙවැනි තත්ත්වයකදී එළඹි සිහිය ඇති කර ගැනීමට බය යන සාධකය අවශ්‍ය වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොවිඩ් -19 වයිරසයෙන් කෙනෙක් ආසාදිත වෙන්නේ පැහැදිලිව යම් ක්‍රියාදාමයකට දායක වූවොත් පමණි.
නමුත් වයිරසයෙන් ආසාදිත නොවී සිටීමට අවස්ථා බොහොමය. අපගේ සරල චර්යා රටා කිහිපයක් හසුරුවා ගැනීමෙන් එය පහසුවෙන් කළ හැකිය.
අනෙක් අය සමඟ ඈත්ව දිවි ගෙවීමට හැකි ජීවන රටාවක් හුරු කර ගැනීම, විස බීජ හසුවෙන්න තිබෙන ඉඩකඩ අහුරමින් ඉවසීමෙන් බලා සිටීම වැනි නව ජීවන රටාවකට හුරු වෙන්නේ නම් ඒ සමඟ ජීවිතේ විකල්ප අවස්ථා ද පහළ වේ.
මෙම ප්‍රශ්නය මාස දෙක, තුනකින් හෝ මුලුමනින්ම අවසන් වේවි නිශ්චිත නිගමනයකට එළැඹිය නොහැකිය. එම නිසා එය පාලනය කරගන්නා තෙක් අවිනිශ්චිත පරිසරයකදී බියක් දැනීම සාමාන්‍යය.
එම බිය නිසාම අපගේ කාර්යක්ෂමතාව හා අවදානමෙන් ගැලවීමට අවශ්‍ය පුරුදු දියුණු කර ගනිමින් නව ජීවන රටාවකට හුරු වීමට ඔබ තුළින්ම උත්තේජනයක් සහිත පෙලඹවීමක් ඇති කර ගත හැකිය.
නමුත් අනිසි ලෙස ඔබේ බය වී පීඩාවට පත්වන්නේ නම් එයින් ඔබේ කාර්යක්ෂමතාව පවා ඇන හිටින්න පුළුවනි. එවැනි අවස්ථාවලදී තව තවත් බය වෙලා ඔබ කරන්නේ ගේ අස්සටම වෙලා රූපවාහිනියෙන් හෝ පරිගණකය ඔස්සේ මිය ගිය ගණන් සොයමින් සිටීම නම්, එය කිසිඳු වැදගත් කමක් නැති නිරීක්ෂණයක් බව ඔබට කිව යුතුමයි.. ලෝක වසංගතයක් පවතින වෙලාවක සිදුන්නෙ සංතතික ක්‍රියාවලියක්. එවැනි දත්ත අතරම ඔබේ අවධානය යොමු කිරීමෙන් ඔබ තව තවත් ප්‍රායෝගික තත්ත්වයෙන් ගිලිහි බිය වැඩි කරගන්නවා මිස අත්පත් කර ගත හැකි කිසිම දෙයක් නෑ.
අප කළ යුතු දේ මෙයයි
ප්‍රශ්නය තේරුම් ගන්න. එයින් මගහැරිය යුතු දේ තේරුම් ගෙන පවතින ගැටලුව ඒ ස්වරූපයෙන්ම බාර ගන්න.
මේ කාලවකවානුවට අවශ්‍ය පැවැත්ම පිළිබඳ අවබෝධ ඇති කර ගන්න. එවිට අනතුරුදායක තත්ත්වයක් නොමැති නිසා ඒ ඔස්සේ ඔබට ක්‍රියාත්මක විය හැකියි. එ නිසා අකර්මන්‍යව ගෙදර ඉන්න අවශ්‍ය නෑ. දැන් ඔබට ඉතා යහපත් දෙයක් කළ හැකියි.
අප යමක් කළ යුතු යැයි පිළි ගත් පසු අපේ ශරීරය, මොළය ඒ ඔස්සේ ක්‍රියාත්මක වීමට පටන් ගනී.
එය භාරගත් මොහොතේ සිට එම ජීවන රටාවට පුරුදු වෙයි. දැන් එළැඹි තිබෙන්නේ නැවැත ජීවිතය දෙස බලමින් ගෙවූ කාලයේ පුරෝකථනය කර අඩු පාඩු හදා ගැනීමට හොඳම අවස්ථාවයි.
යහපත් පැවැත්ම උදෙසා අනුගමනය කළ හැකි ඉතාම යහපත් ක්‍රියා මාර්ග දෙකකි. එනම්, මේ වසංගතයේ ගොදුරක් නොවී, එය පතුරුවා හරින වාහකයෙක් නොවී වගකීම් සහිත මනුෂ්‍යයෙක් වීම. දෙවැන්න භාවනා හා මෙත් වැඩීමයි.
භාවනාව සහා මෙත් වැඩීම ප්‍රගුණ කළ යුත්තේ ඇයිද යන්න මින් වසර දහයකට පෙර අමෙරිකාවේ සරසවියක මැදිහත් වීමෙන් කළ පරීක්ෂණයක ප්‍රතිඵල උදාහරණයක් ලෙස මා ඔබට ගෙන හැර දක්වන්නම්.
ඔවුන් ඒ සඳහා රට වටා සිටි ‘රෙකී’ ක්‍රමයෙන් රෝගීන් සුවපත් කරමින් භාවනාව පුරුදු කළ දාහක පිරිසක් එකතු කර නිශ්චිත කාල සීමාවක් භාවනා කර ලොවට සාමය උදාවේවා යැයි මෛත්‍රී කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. නැවැත නැවැත එසේ කරන විට පෙනෙන්න තිබුණේ එම කාලයේ දී ලෝකයේ රිය අනතුරු, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මරා දැමීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා හා පැමිණිලි සමස්ථය සියයට අටක මට්ටමකින් අඩු වී තිබුණු බවයි.
නමුත් භාවනාව හා මෛත්‍රී කිරීම නැවැත් වූ පසු නැවැත එම අගයන් වැඩිවනු දක්නට ලැබුණා.
එය එසේ නම්, උදේ හවස පහන් පත්තු කරමින් ආගමික වතාවත් කරන අපේ රටේ මිලියනයක් දෙනා නිවෙසේ සිට මොහොතක් භාවනා කර ලොවටම සෙත් පතන්නේ නම් එයින් මොන තරම් බලයක් උපදී ද?.
ලොව අන් හැම රටකට වඩා ස්වභාවික උවදුරු අඩු සොබා දහමේ ආශිර්වාද ලත් රටක ජීවත් වීම පිළිබඳ අප කොතරම් සතුටට පත් විය යුතුද?
බුද්ධිමත් බවින් අප දෙවැනි වන්නේ ඊශ්‍රයාලයට පමණයි
මේ වකවානුව අපට ඉතා හොඳ පාඩමක් කියා දෙනවා. මූලික දේ එක්ක ජීවත් වීමට අවශ්‍ය පරිචය ස්වභාවධර්මය විසින්ම පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. අප මොන යුද්දෙකට ගියත් එය අවසානයේ ජයග්‍රාහීව කෙළවර කරපු ජාතියක් බව මතක තබා ගන්න. ඔබ ජීවත් වෙන්නේ බුද්ධිමත් බවින් ඊශ්‍රයාලයට පමණක් දෙවෙනි වන බුද්ධිමත් මිනිසුන් සිටින රටක. අපට මේ සමාජ වටපිටාව තුළ ආදර්ශ අඩු වී තිබුණත් දැන් යුද හමුදාව, පොලීසිය, වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්යමණ්ඩල, පී. එච්. අයි. මහත්තුරු, රියදුරු මහත්තුරු..මේ සියලු දෙනා පෙරට විත් තම ජීවිත පවා අවධානමක තබා ගෙන වැඩ කිරීමෙන් අප ඉදිරියේ පුදුමාකාර වීර චරිත නිර්මාණය වී තිබෙනවා.
විශ්වයේ ශක්තිය උකහා ගෙන වැඩි කාලයක් තියා ගත හැකි සේ නිමවා තිබෙන පිරමීඩ සේම අපටත් එම තාක්ෂණයම භාවිත කර ඒ අනුමිතීන්ට සෑදු මහා විසාල දාගැබ් තිබෙනවා. එම චෛත්‍යයකින් කෙරෙන්නේ විශ්වයට ශක්තිය මුදා හැරීමයි.
මින් පෙරත් මේ බිමට ආ සෑම වසංගතයකදීම අපි ශක්තිමත්ව නැගිට්ටේ සතිමත් බව වැඩූ පිරිස් හි මගපෙන්වීම යටතේ. ඉතින් අප ජීවත් වෙන්නේ කොයිතරම් භාග්‍යවන්ත රටක්ද යන්න ඔබට අවබෝධ විය යුතුයි.
මේ ගැනත් දැන් හිතන්න…
ඉදිරියේ දී කොවිඩ් -19 වැනි තවත් වසංගත හා ග්ලැසියර දිය වීමේදී හිම කඳු යට තිබී මතු විය හැකි වයිරස් පිළිබඳ විද්‍යාඥයෝ දැනටමත් අනතුරු හඟවා තිබේනවා.
එවැනි තත්ත්ව හමුවේ ලෝක වෙළෙඳ රටාව, ඒ ඔස්සේ ගොඩනැගුණු තාක්ෂණික ක්‍රමවේද ඕනෑම වෙලාවක බිඳ වැටීමට හැකියි. ඔබට තවදුරටත් ජීවත්වීමට අවශ්‍ය නිරෝගීමත් බව, සතිමත් බව වර්ධනය කර ගැනීමට ඉදිරියේදී ඔබේ ගමේ, ඔබේ ගෙවත්තෙ හැදෙන දෙයින් ජීවත් වෙන්න ඔබට මට සිදු වේවි.
කෘෂිකාර්මික විප්ලවයක් කිරීමට ගෙවතු වගා අරඹන්න යැයි කලෙක සිට විද්‍යාඥයන් පවසනවා.
මේ ගෙවෙන්නේ, වේල් තුනක් කාපු අපට වේල් දෙකක් කාලා ජීවත් වෙන්නෙ කොහොමද යන්න අවබෝධ කර ගත හැකි, කෘත්‍රිම කෑම, කඩචෝරු නැතිව වේලක් නොකෑ දරුවන්ට ස්වභාවික කෑම වේලක රස බලන්න පුළුවන් අවස්ථාවකි. අපේ මුතුන් මිත්තන්ගේ අත් බෙහෙත්වල වටිනාකම තේරුම් ගත හැකි, කොහොඹ ගහකට, අඹ අත්තකට කරන්න පුළුවන් දේවල් කොච්චරද යන්න බලාගන්න පුළුවන් කාල පරිච්චේදයකි.
එනිසා යහපත් සතියෙන් මේ සියල්ලේ යථාර්ථය දකින්න. ලොව වෙනස් වන බව පිළිගන්න. ඒ වෙනස් වෙන අලුත් ලොවට ගැළපෙන කෙනකු වෙන්න.
නැතිනම් ඔබත් ඩයිනෝසර්ලා වගේ විනාශ වෙන්න පුළුවනි. සිසේරියෙන් සැත්කමකින් උපදින දරුවකුට වඩා ස්වභාවික දරු උපතකින් එළිය දකින දරුවකු ගේ ප්‍රතිශක්තිකරණය වැඩි බව ඔබ අසා ඇත. මවගේ කුසෙන් ආයාසයකින් එළියට එන්න උත්සාහ කරන දරුවා ඉපදෙන්නේම ලොවට මුහුණ දෙන්න පුලුවන් ශක්තිය උපදවාගෙනමයි.
එලෙස ඔරොත්තු දීමේ ශක්තිය ඇති අය අලුත් සමාජය තුළ සාර්ථක වේවි. එනිසා වර්තමානය අවබෝධයෙන් කළමනාකරණය කළහොත් එය ඔබට වෙස්වලා ගත් ආශීර්වාදයක් වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!