Gossip

“ශ්‍රී ලංකාවට සටන් කිරීමට සිදුව ඇත්තේ corona සමග නොව මන්ද මන්දමානසික මිනිසුන් සමග ය.”

කොවිඩ් 19 වෛරසය මුළු ලෝකයක් කම්පා කරවීමට සමත්වී තිබේ. මිනිස් ජීවිත දස දහස් ගණනින් බිලි ගනිමින් ඉතා ශීඝ්‍රයෙන් තමා තම අණසක පතුරවයි.කොරෝනා වෛරසය පිළිබඳ සමාජය දැඩි කතාබහක් ඇති වී තිබෙන මොහොතක සමාජ මාධ්‍ය තුළ කොරෝනා පිළිබඳව හුවමාරු වන අදහස් විවිධාකාරය. ෆේස්බුක් සමාජ ජාලය තුල තුළ corona ව්‍යසනය පිළිබඳ ෆේස්බුක් පිටු පවා නිර්මාණය වී තිබෙනු දැකගත ගත හැකිය.

ඇතැම්විට විශ්වාසනීය මූලාශ්‍රවලින් තොර එම ෆේස්බුක් පිටු හරහා වාර්තා කරනු ලබන ඇතැම් කරුණු හේතුවෙන් සාවද්‍ය අදහස් සමාජගත වන අවස්ථාද ඇත. රජයේ නිවේදන සහිත පිටු සහ රජයේ වගකිවයුතු පුද්ගලයන් ලබා දෙන නිවේදන ආදිය ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වේ .එය ඉතා යහපත් ප්‍රවණතාවයකි .විශාල පිරිසකට එයින් කාර්යක්ෂම තොරතුරු ලබාගැනීමට හැකිවීම මෙහි ඇති වැදගත්කමයි එහෙත් ඒ සියල්ලම වගකීම් සහගත හා විශ්වාසනීයත්වය පෙරටු කරගෙන සිදු කළ යුතුය.

අපේම මිනිසුන් වෙනුවෙන් පෙළගැසෙන අපේ මනුසත්කම් පිළිබඳව ද සමාජ මාධ්‍යයේ නිරන්තර අවධානය යොමුවී තිබීම ඉතා යහපත්ය.

ඇතැම් විට සමාජ මාධ්‍ය තුළින් එවැනි උපකාර අවැසි පිරිස් පිළිබඳව දැනගැනීමට හැකිවීම සහ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන අපේම මිනිසුන් කෙරෙහි සමාජ මාධ්‍ය තුළ ප්‍රශංසනීය පළකිරීම් තිබෙනු දැකගත හැකිය.මෙම මොහොතේ රටට අවශ්‍ය වන්නේ ද එකාවන්ව එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම වන හෙයින් එවැනි පළ කිරීම් ද ෆේස්බුක් තුළ දැකගත හැකිය.

corona වසංගතය පාලනය කිරීම උදෙසා අපේ රටේ සිදුකරන සෞඛ්‍ය සේවය ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ නිරන්තරයෙන් මුහුණුපොතෙහි පළකිරීම් දැක ගත හැකිය.එමගින් එම නිෂ්පාදන දිරිමත් කිරීම සහ මේ අවස්ථාවේ රටෙහි පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම උදෙසා ද එම දිරිමත් කිරීම් ඉවහල් වේ.විශාල comments ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබෙනු දැකගත හැකිය. මේ එවැනි පළ කිරීමකි.

“ඉදිකටුවක් හදපු නැති රටේ රෝගීන් පරික්ෂා කරන රොබෝ යන්ත්‍ර i c u beds නිෂ්පාදනය වෙද්දී රටක් විදිහට පුදුම ආඩම්බරයක් තියෙන්නෙ’’

ඇතැම් දේශපාලඥයන් මෙම වසංගතය පාලනය කිරීමට ජනතාවට උපකාර කරන ආකාරය පිළිබඳව පෝස්ට් අදහස් සමාජ මාධ්‍ය තුළ පළ වෙයි. මෙවැනි මොහොතක දේශපාලනඥයන්ගේ සැබෑ කාර්ය භාරය අගය කිරීම නිබඳව ද ද සමාජ මාධ්‍ය තම අවධානය යොමුකර ඇත. එමෙන්ම එම වගකීම පැහැර හරින බහුතරයක් පිරිස පිළිබඳව අවඥාසහගත පළකිරීම් සමාජ මාධ්‍යයේ දැකගත හැකිය.

බොහෝ දෙනා තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම් තුළ corona වසංගතයෙන් මිදීම සහ ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ පළ කිරීම් සිදු කර ඇති අයුරු දැකගත හැකිය.එ මෙන්ම නිසි පරිදි එම උපදෙස් පිළිනොපදින වගකීම් විරහිත පුද්ගලයින් කෙරෙහි ඔවුන් විවේචනය කරමින් පළ කරන පෝස්ට් ද සමාජ මාධ්‍යයේ බහුතරයක් දැකගත හැකිය. මෙම පළකිරීම් ඉතා නිර්මාණශීලී ව සිදුකර ඇති සිදුකර ඇති ආකාරය ද දැකිය හැකිය.

“ශ්‍රී ලංකාවට සටන් කිරීමට සිදුව ඇත්තේ corona සමග නොව මන්ද මන්දමානසික මිනිසුන් සමග ය.”

“ගෙදරට රාමු වී සිටීමට බැරිනම් බැරි නම් ඉදිරියේ දී පින්තූරයක රාමු වී සිටීමට සිදු වනු ඇත.”

corona ව්‍යසනය පිළිබඳව ඇතිවී ඇති තත්වය නිසා ඇතැම් හාස්‍යජනක පෝස්ට් ද සමාජ මාධ්‍ය තුළ දැකගත හැකිය

විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ නොයෙක් ගීත පදනම් කරගෙන නිර්මාණය කර ඇති post බහුලව සමාජ මාධ්‍යයේ සංසරණය වේ.මෙම තත්ත්වයෙන් ඇතිවන ආතතිය සමනය කිරීම සඳහා හෝ වෙනත් කරුණක් සඳහා එකී හාස්‍යජනක පළකිරීම් සිදු කරත් එකී වගකිවයුතු නිලතලවල සිටින සොඳුරු මිනිසුන් ඒ ගැන තැකීමක් නො කළත්මෙවන් අවස්ථාවක අමිල සේවයක් හා කැපකිරීමක් සිදුකරන එවන් නිලධාරීන් ඒ සඳහා යොදා ගැනීම උචිත නොවේ.සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී අතිශය වගකීම් සහගත වීම මේ අවස්ථාවේ ජාතික වගකීමක් ලෙස සියලු දෙනා සැලකිය යුතු නොවේද?

ටිෂානි ශෂී කුමාරි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!