Gossip

භාරත කෝකිලාව, ලතා මංගේෂ්කාර් තනිකඩ වුණේ ඇයි…? ලොවටම රහසක්ව තිබූ හේතුව හෙළි වෙයි

මුළු ලොවම ඇයව හඳු­නන්නේ භාරත කෝකි­ලාව කිය­ලයි. මේ අන්වර්ථ නාම­යෙන් හඳු­න්වන්නේ කවු­රු­න්දැයි ඔබ දන්නවා.

ඒ තමයි, ලතා මංගේ­ෂ්කාර්. මෑත­කදී ඇය දැඩි ලෙස රෝගා­තුර වී රෝහ­ලක දැඩි සත්කාර ඒක­ක­යට

ඇතු­ළත් කෙරුණේ කාගේත් සිත් තුළ අවි­නි­ශ්චිත බවක් සට­හන් කර­මින්.

ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඇය ගැන අසත්‍ය පුවත් පවා පළ කළා.

ඒ බොරු ආරං­චි­වල සඳ­හන් වුණේ ලතා මංගේ­ෂ්කාර් මිය ගියාය කිය­ලයි. නමත් දැන් ඇය හොඳ ‍සෞඛ්‍ය තත්ත්ව­ය­කින් නි‍ෙව­සට වී කාලය ගත කරන්නේ වයස 90ත් පසු කර­මින්.

ලතා, 1942 දී තිර­ගත වූ ‘කිට් හසාල්’ චිත්‍ර­ප­ට­යට පසු­බිම් ගීත­යක් ගැයූ­වත් එය චිත්‍ර­ප­ට­යෙන් ඉවත් කර තිබුණා. නමුත්, 1943 දී තිර­ගත වූ ‘ගජා­භාවු’ නම් වූ මරාති චිත්‍ර­ප­ට­යට පසු­බිම් ගාය­න­යට එක්වී දශක ගණ­නා­වක් පුරා ගී ගැයූ මේ කෝකි­ලා­වගේ හඬින් විචි­ත්‍ර­වත් වූ පෙම් ගීත සහ ජව­නිකා කොයි­ත­රම්ද?

පර­ම්පරා ගණ­නක සුරූපී නිළි­යන්ගේ පෙම්රැ­ඟුම් වෙනු­වෙන් එලෙස මධුර ගී ගැයූ ලතා විවාහ දිවි­යට පා තැබුවේ නැහැ. එයට හේතු පහ­දන ඇතැ­මුන් කුමන කත­න්දර ගෙතු­වත් සැබෑම හේතුව කුම­ක්දැයි මෑත­කදී ඉන්දීය මාධ්‍ය්‍යක් හෙළි­ද­රව් කර තිබුණා.

පුළුල් තිරයේ පෙම්ව­ති­යන් වෙනු­වෙන් ගී ගැයූ ලතා­ටත් ප්‍රේම කතා­වක් තිබුණු බවයි මේ ඉන්දීය වෙබ් අඩවි පව­සන්නේ. ඒත් ඇයට ඒ පෙම් කතාව සැබෑ­වක් කර­ග­න්න බැරි වුණේ ඇයි? මෙන්න ඒ කතාව….

ලතාගේ බාල සොහො­යුරා රිදේ­නාත් මංගේ­ෂ්කාර්. ඔහු සංගී­ත­ඥ­යෙක්. රිදේ­නාත්ගේ හොඳම මිතුරා තමයි රාජ් සිං. ඉන්දි­යාවේ එක්තරා රාජ වංශ­ය­කට උරු­ම­කම් කියන ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ හිටපු සභා­ප­ති­ව­ර­යෙක්.

ඒ වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙක්. තම බාල සොහො­යු­රා නිතර හමු­වී­මට පැමි­ණෙන රාජ් සහ ලතා අතර සුහ­ද­තා­වක් ගොඩ නැගුණා. එය පෙම් සබ­ඳ­ක­මක් බව­ටත් පත් වුණේ දෙදෙ­නා­ටම නොදැ­නී­මයි. දෙදෙ­නාම එකි­නෙ­කාට අවං­ක­වම ආද­රය කළා. කාල­යක් ගත­වෙද්දී රාජ් සහ ලතා විවාහ දිවි­යට පිවි­සෙ­න්න තීර­ණය කළා. නමුත් රාජ්ගේ දෙම­වු­පි­යන් ඇතුළු නෑදෑ පිරි­වර මේ විවා­හ­යට එක හෙළා විරුද්ධ වුණේ ඔවුන්ගේ ‘රාජ වංශ­යට’ ලතා නොගැ­ළ­පෙන බව පව­ස­මින්. විශේ­ෂ­යෙන් ම, රාජ්ගේ පියා ලතාව තම පවු­ලට සම්බන්ධ කරගන්න කොහෙත්ම කැමැති වුණේ නැහැ. රාජ්ට සිදු­වුණේ පියා ඇතුළු පවුලේ සිය­ලු දෙනාගේ අණට කීකරු වීම­ටයි. ඔහු ලතා සමඟ පැවැත්වූ පෙම් සබ­ඳ­ක­මට නැව­තීමේ තිත තැබුවා.

ඒ සම­ඟම ඔහු තවත් දැඩි තීර­ණ­යක් ගත්තා. යළි කිසි­ම­දාක විවාහ නොවී­ම­ටයි. ඔහු අවි­වා­හ­කව තම ජීවි­තය ගත කළා.

රාජ්ගේ මේ තීර­ණ­යට ගරු කළ ලතාද ජීවිත කාල­යම තනි­ක­ඩව ගෙව­න්නට අදි­ටන් කර ගත්තා. කෙසේ වෙතත්, රාජ් මිය­යන තුරුම ඔහු සහ ලතා අතර හිත­ව­ත්කම පම­ණක් ඉතිරි වුණා.

රාජ් මිය ගියේ 2009 සැප්තැ­ම්බර් 12 දා. ඇල්ස­යි­මර් රෝගය නිසා මෙලො­වින් සමු­ගන්නා විට ඔහු 74 වැනි වියෙහි පසු­වුණා. රාජ වංශ­යක ‘අභි­මා­නය’ වෙනු­වෙන් රාජ් සහ ලතා තමන් දෙදෙ­නාගේ නික­ළැල් ආද­රය නිමා­වට පත් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!