Gossip

“මේ සම්බන්ධය නිසා අපි දික්කසාද වුණේ නැහැ.. මේ වසරේ විවාහය වෙනවා. ඒක හැංගි හොරා කරන්නේ නැහැ..” – වොල්ගා කල්පනී – Photos

වොල්ගා කල්පනී කියන්නේ දක්ෂ තරුණ දඟකාර රංගන ශිල්පිණියක්.
පසුගිය දවස්වලනම් ඇය සමාජ මාධ්‍යවල නිතරම වගේ කතා වෙන චරිතයක් වුණා.
ඒ ගැනත් වොල්ගාගේ අලුත්ම තොරතුරු ගැනත් ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

කොහොමද වොල්ගා මේ දවස්වල වැඩකටයුතු?
වැඩ කටයුතු වෙනදා වගේ කරගෙන ඉන්නවා. අලුතින් පටන් ගන්න තිබ්බ වැඩක් කල් ගියා. එය ඉදිරියේදී කරන්න තියෙනවා.

වොල්ගාගේ ජීවිතේට අලුත් කෙනෙක් එකතු වෙලානේ. ඒ නිසා සතුටින් ඇත්තේ?
මම සාමාන්‍යයෙන් ජීවිතේ වෙච්ච දේවල් ගැන දුක් වන කෙනෙක් නෙවෙයි. ඉතිං මම ජීවිතය අලුතින් පටන් ගත්තා. බිනෝෂ් පීරිස් කියන්නේ මගේ පෙම්වතා. මම සංගීතයට කැමැතියි. ඔහුත් සංගීතයට සම්බන්ධයි. ඉතිං දැන් මම බොහොම නිදහසේ, සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

ඔබට බිනොෂ්ව මුණගැහුණේ කොයි කාලෙද?
අපි යාළුවෝ විධියට ආශ්‍රය කළා. මගේ ජීවිතේ පුංචි පුංචි වෙනස්කම් සිදුවෙද්දී දෛවයේ ලියැවුණු තැනට එන්න වුණා. අපේ ජීවිතවල යම් කතාවක් ලියැවිලා තියෙනවානේ. ඒ කතාවේ හැටියට ජීවිතේ වෙන්න තිබ්බ ලස්සන සුන්දර දෙයක් දැන් මට ලැබිලා තියෙනවා.

ඔබයි හර්ෂණයි වෙන්වුණේ බිනෝෂ් සහ ඔබ අතර තිබ්බ සම්බන්ධය නිසා කියන්නේ ඇත්තද?
ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක මමයි හර්ෂණයි දෙන්නනේ දැනගන්න ඕන. එහෙම කතාවක් මම කියලත් නෑ. හර්ෂණ එහෙම කතාවක් කියලා තියෙනවාද කියලා මම දන්නේ නෑ. හර්ෂණගෙයි මගෙයි අතර තියෙන්නේ සුහදශීලීව වුණ දික්කසාදයක්. ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා නම් අපිට සුහදශීලීව ඒක විසඳගන්න බැහැනේ. මේ සම්බන්ධය නිසා අපි දික්කසාද වුණේ නැහැ.

වොල්ගාගෙයි බිනෝෂ්ගෙයි වීඩියෝ ක්ලිප් එකක් එළියට ආවා. ඔය වීඩියෝ ක්ලිප් එකේ ඇත්ත කතාව මොකක්ද?
ඒ වීඩියෝ ක්ලිප් එක බොරු එකක් නෙවෙයි. අපි ඒක කළේ වෙන වැඩකට යොදාගන්න. ඒක ඇත්තටම වැඩකට කරපු දෙයක්. නමුත් මගේ දුරකථනය හරි බිනෝෂ්ගේ දුරකථනය හරි හැක් කරලා තමයි ඒ වීඩියෝ එක එළියට ගිහින් තියෙන්නේ. ඒකට අපි නීතිමය පියවර ගත්තා. ඒ අයගේ නම් ගම් කියන්න බැහැ. ඒ අදාළ කෙනා මිරිහාන පොලිසියට ආවා.

ඔය වීඩියෝ එක නිසා නේද මඩ වැඩිපුර වදින්න ගත්තේ?
ඒ වීඩියෝ ක්ලිප් එකෙන් තමයි මඩ ගැහිල්ල පටන්ගත්තේ. සමාජ මාධ්‍ය ඉගෙන ගත්ත අය වගේම, ඉගෙන ගත්තේ නැති අයත් පාවිච්චි කරනවනේ. අපි ඒ දේවල්වලට ගන්න ඕන පියවර ගත්තා. හැබැයි අනවශ්‍ය දේවල් ඔළුවට ගත්තේ නෑ.

බිනෝෂ් ගැනත් මේ දවස්වල හරි හරියට කටකතා පැතිරෙනවා?
ඔව්. මගේ දික්කසාදය නිසා තමයි බිනෝෂ්ට කටකතා හැදුණේ. නැත්නම් ඒ කටකතා හැදුණේ පැතිරුණේ ඔහුගේ වරදක්වත්, ප්‍රශ්නයක්වත් නිසා නෙවෙයි. ඒ සියල්ල කටකතා විතරයි. අපි බොහොම ආදරයෙන් ඉන්නවා. ඒ වගේම මෑතකදී අපි විවාහ වෙනවා.

ඔබ රංගන ශිල්පිනියක් නොවී සාමාන්‍ය තරුණියක් වුණා නම් ඔය මඩ, විවේචන අඩු වෙන්න තිබ්බා නේද?
මම රංගන ශිල්පිනියක් වීම ගැන කිසිම හේතුවක් නිසා කනගාටු වෙන්නේ නෑ. මම කරන්නේ වාසනාවන්ත රැකියාවක්. එක් කෙනෙක්ගේ, දෙන්නෙක්ගේ විවේචන නිසා අනෙක් පිරිස නැති කරගන්න අවශ්‍ය නැහැ. මාත් එක්ක බොහෝ අය සුහදයි. මම විශ්වාස කරනවා සාමාන්‍ය කාන්තාවකට ලැබෙන්නේ නැති වාසිදායක බොහෝ දේවල් අපිට ලැබෙනවා. මම ඔය සමහරුන්ගේ විවේචන තකන්නේ නෑ. ලබන ආත්මේත් මට මේ වෘත්තිය කරන්න ලැබෙනවා නම් සතුටුයි.

වොල්ගාටයි, බිනෝෂ්ටයි මේ එන විවේචන දරාගන්න පුළුවන්ද?
මම ඔය කරන විවේචන ගැන කනගාටු වුණේ නැහැ. මගේ මවුපියන් සහ බිනෝෂ්ගේ මවුපියන් ගැන තමයි අපිට දුක.
අපිට ඒවා දරාගන්න හිත් හයියයි. රංගන ශිල්පීන් හෝ ගායන ශිල්පීන් කියන්නේ පොදුවස්තු. ඉතිං සමහර ප්‍රේක්ෂකයෝ අපේ පෞද්ගලික ජීවිතයේ හරි දේවල් නොදැන දේවල් කියනවා.
හැබැයි මම කියන්නේ ප්‍රේක්ෂකයෝ වුණත් අපේ පෞද්ගලික ජීවිත ගැන බලන්නේ නැතිව අපි කරන නිර්මාණ ගැන බැලුවොත් අපිට කිසි කෙනෙක් එක්ක තරහක් නැතිව ඉන්න පුළුවන්. සමහරු කියන කතා ඇත්ත නම් තමයි අපි සැලෙන්න ඕනේ.
මම බොරු දේවල්වලට කලබල වෙන්නේ නෑ. මං එක්ක හරි, බිනෝෂ් එක්ක හරි, අපේ මවුපියෝ එක්ක හරි කවුරු හෝ තරහා ඇති. ඒ කිහිප දෙනෙක් කරන කියන දේවල් අපි අදාළ කරගන්න ඕනේ නෑ. මම හැමදාම පහන තියලා ප්‍රාර්ථනා කරන්නේ හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. ඉතිං මට නරකක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

ඔබ විවාහ වෙලා දික්කසාද වුණ කෙනෙක්. ඔබ බිනෝෂ්ව තෝරා ගනිද්දී ඒ කාරණාවට කිසිම කෙනෙක්ගෙන් බාධාවක් වුණේ නැද්ද?
මම දික්කසාද වුණ කෙනෙක් කියන එක බිනෝෂ්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. බිනෝෂ්ගේ මවුපියන්ට වුණත් එහෙමයි. මම දික්කසාද වුණා. ඒක වෙලා ඉවරයි. ඒක මගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් මං වගේ කෙනෙක් එක්ක ජීවත් වෙද්දී ඒ ජීවත් වෙන කෙනාට අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය බිනෝෂ්ට තියෙනවා. එයා කිසි දෙයකට කලබල වෙන කෙනෙකුත් නෙවෙයි.

ඒක නිසාමද බිනෝෂ්ව ජීවිතයට තෝරා ගත්තේ?
දැන් මට හරි නිදහසක් තියෙනවා. බිනෝෂ් කියන්නේ මවුපියන්ට ගොඩක් ගරු කරන කෙනෙක්. එයා වැඩිපුරම ආදරේ අම්මට. අම්මට ආදරය කරන කෙනෙක් අනෙක් ගැහැනු අයට ආදරය ගෞරවය ලබාදෙනවා. බිනෝෂ් එක්ක ජීවත් වෙන්න පහසුයි.

ඔබ එකවතාවක් ජීවිතය වරද්ද ගත්තා. මෙදා සැරේ ගන්න තීරණය ගැන දෙගිඩියාවක් නැද්ද?
මම අනෙක් අයට වඩා වෙනස් හිතුවක්කාර කෙනෙක්ද දන්නේ නෑ. මම මගේ ජීවිතේ අවසන් කරන දෙයකට කොමාවක් තියන්නේ නැහැ.
ඉවර වෙන පරිච්ඡේදයකට තිතක් තියලා ඉවර කරන්නේ.
බිනෝෂ් අර වගේ වෙයිද මේ වගේ වෙයිද කියලා කා එක්කවත් මම එයාව සංසන්දනය කරන්නේ නැහැ.
බිනෝෂ්ව වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන්නත් බෑ. එක එක කෙනා එක එක විධියයි.
මේ අවුරුදු තිහට මම විවිධ පුද්ගලයෝ දැකලා තියෙනවා. මම කවදාවත් බිනෝෂ්ව තව කෙනෙක් එක්ක සංසන්දනය කළේ නෑ. මම අතීතය ගැන දුක් වෙන කෙනෙක් නෙවෙයි. මම දෙවියෝ ගැන විශ්වාස කරනවා. අපේ ජීවිතේට හොඳ දේවල් ළං කරනවා. නරක දේවල් අපේ ජීවිතයෙන් ඈත් වෙනවා. මම මේ ජීවිතේ ලැබුණ දේ සතුටින් පිළිගන්නවා.

බිනෝෂ් ඔබටවත් ඔබ බිනෝෂ්ටවත් සීමා වැටකඩොලු දාලා නැද්ද?
අනවශ්‍ය සීමා වැටකඩොලු දාලා නැහැ. එයා සංගීත වැඩ කටයුතු කරනවා. එයාට ගැහැනු ළමයින්ගෙන් හරියට රික්වෙස්ට් එනවා. ගැහැනු ළමයි මැසේජ් කරනවා. මම රඟපාන්නේ ඇක්ෂන් කට් අතරේ විතරයි. එයාගේ රැකියාව ගැන වුණත් මට අවබෝධයක් තියෙනවා. අපි දෙන්නාගෙන් කවුරුවත් රස්සාව ගෙදර ගේන්නේ නැහැ. රස්සාව ගැන අවබෝධයකින් ජීවත් වෙන නිසා අපිට සීමා දාගන්න අවශ්‍ය වෙලා නැහැ. අපි අවබෝධයකින් ජීවත් වෙනවා.

සමහර පෙම්වතියන් තමන්ගේ පෙම්වතාගේ ගීත රූප රචනාවල හරි හරියට පේන්න ඉන්නවා. වොල්ගාත් බිනෝෂ්ගේ ගීත රූප රචනාවල නිතර පේන්න ඉන්න චරිතයක් වෙයිද?
බිනෝෂ් කැමැතියි මම එයාගේ මියුසික් වීඩියෝවලට ගන්න. නමුත් මම බෑ කියනවා. මම නිරන්තරයෙන් ඔහුගේ නිර්මාණවල දකින්න ලැබෙන එකක් නෑ.
ඒ නිර්මාණවලට ඉන්න ඕන එකම නිළිය මම නෙවෙයි. එයාගේ පළමු නිර්මාණය මගේ වුවමනාවට කළේ. එයාගේ සුවිශේෂී නිර්මාණවල මම ඉන්න පුළුවන්.
හැබැයි හැම එකේම නෙවෙයි. බිනෝෂ් හරි ආඩම්බර චරිතයක්. එයා රස්සාව හරියට කරන්න දන්නවා.
එයාගේ නිර්මාණයකට වෙනත් රංගන ශිල්පිනියන් ගන්නවට මගේ ප්‍රශ්නයක් නැහැ. එයා අවුරුදු පහළොවක ඉඳලා සංගීතය කළාට තාම ගීත දෙකයි රිලීස් කරලා තියෙන්නේ. මගෙන් බාධාවක් තිබ්බොත් එයාට එයාගේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. මම එයා ගැන හොයලා බැලුවට බාධාවක් කරන්නේ, බාධාවක් වෙන්නේ නෑ.

මොනවද දෙන්නගේ අලුත් සැලසුම්?
අපි සරත් කරුණාරත්න සහ චාමික හත්ලහවත්ත එකතු කරගෙන වැඩක් කරන්න ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්. බිනෝෂ් කැමැතියි සංගීතය පැත්තෙන් ඉගෙන ගන්න. එයාගේ වැඩකටයුතුවලට සහාය දෙමින් සතුටින් ජීවත්වෙන්න තමයි කැමැති.

විවාහය මේ වසරේදී සිද්ධ වෙයිද?
ඔව්. මේ වසරේ විවාහය වෙනවා. ඒක හැංගි හොරා කරන්නේ නැහැ.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!