මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම ගන්නා ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගෙන් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා.
මහනුවර ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයන් උද්ගත විය හැකි බැවින් එම තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා තිබෙන්නේ.
ජනතාව විසින් සිදුකරනු ලබන විරෝධතාවන්හිදී මුස්ලිම් ජනතාව හා ඔවුන්ගේ ව්‍යාපාරවලට අලාභහානි සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට හා ව්‍යාපාරවලට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්නැයි අමාත්‍යවරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.