Gossip

පන්දු යවන්නන්ගේ දක්ෂතා මැද ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාව ලබාගත් හැටි – වීඩියෝ

ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 34 කින් පරාජය කරමින්.
මෙම තරගය කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 201 කට සීමා වුණා.
33 වන පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ලවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 182 ක් ලබාගෙන සිටියා.
ඉන් අනතුරුව පැය තුනක ප්‍රමාදයකින් පසුවයි තරගය ආරම්භ වුණා.
පසුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 187 ක්.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 78 ක් ලබාගත්තේ හතරේ පහර අටක් සමගින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 4 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 152 ක් පමණයි.
පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු හතරක් සහ ලසිත් මාලිංග කඩුළු තුනක් බිදහෙලුවා.
තරගයේ වීරයා සම්මානය නුවන් ප්‍රදීප්ට හිමිවුණා.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ලබන සිකුරාදා පාකිස්ථානය සමගින් පැවැත්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!