අවුරුදු 70 ක් වුණු කාන්තාවක් මව්පදවිය ලැබීමේ පුවතක් අපිට අහන්න ලැබුණේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන්. මේ දරු ප්‍රසූතියත් සමග ඇය ලෝකයේ දරු උපතක් ලබපු වයස්ගතම කාන්තාව බවට පත්වන බවයි වාර්තා වන්නේ.
දාලිජින්දර් නම්වූ මෙම 70 හැවිරිදි කාන්තාව අයි.වී.එෆ්. තාක්ෂණය මගින් කලලයක් පිහිටවා මෙම මව් පදවිය ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මොහින්දර් සිං නමැති ඇගේ ස්වාමියා 79 හැවිරිදි වියේ පසුවන අතර අලුත උපන් මෙම දරුවාට අර්මාන් ලෙස නම් තබා තිබෙන බවයි සඳහන් වන්නේ.