හොලිවුඩ්

අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරයි

new_zealand_parliament_house

නවසීලන්ත අගමැති ජෝන් කේ (John Key)පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන අතරවාරයේ සභාවෙන් ඉවත් කරනු ලැබුණි.

අගමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකු සමඟ ඉතාම උණුසුම් විවාදයක පැටලී සිටින අතරවාරයේයි කතානායකවරයා විසින් එම තීන්දුව ගනු ලැබුණේ.

එකී විවාදය පැවැත්වුනේ පැනමා රහස්‍ය මූල්‍ය තැන්පතු සම්බන්ධයෙනි.

විවාදය මෙහෙයවමින් සිටියදී සිය නියෝගය ද නොතකා අගමැතිවරයා දිගටම කතා කරන්නට පටන් ගැනීමෙන් පසුවයි කතානායකවරයා විසින් ඔහු ඉවත් කරනු ලැබීමේ තීන්දුව ගෙන තිබෙන්නේ.

මුලසුනට අවනත නොවූ අගමැතිවරයා සභාවෙන් පිටමං කළ යුතු බවයි කතානායකවරයාගේ නිගමනය වී තිබෙන්නේ.
අගමැති ජෝන් කේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරද්දීත් තුන් වතාවක් ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබ ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!