බොලිවුඩයේ තිරගත වෙන්න නියමිතව තියෙන සජිද් ඛාන්ගේ “හිම්මත්වාලා” චිත්රපටියේ “තෑන්ක් ගොඩ් ඉට්ස් ෆ්රයිඩේ” කියන සිංදුවට සෝනක්ෂිගේ නැටුමට මේ දවස්වල බොලිවුඩයේ හොඳ හොඳ ප්රතිචාර හම්බවෙනවනේ. ඔය කතා අස්සේ පෙරළුණු පිට හොඳයි කියලා සෝනක්ෂිගේ නැටුමට වහවැටුණු සජිත් ඛාන් කියනවා එයාගේ ඊළඟ චිත්රපටියට සෝනක්ෂි සිංහාව අරගන්නවා කියලා.
“මම සෝනක්ෂිව මගේ චිත්රපටියකට දායක කරගන්නවා කියලා හිතුවේ “දබාන්ග්” චිත්රපටියේ එයාගේ රඟපෑම දැකලයි. සෝනක්ෂි මගේ මීළඟ නිර්මාණයේ දී දැකගන්න පුළුවන්.” සජිත් ඛාන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියලා තියෙන්නේ ඒ වගේ කතාවක්.
“දබාන්ග්” වගේම “රෞඩි රාතෝර්” කියන චිත්රපටිවලින් ප්රේක්ෂකයා සෝනක්ෂිව දැකපු පැතිකඩ මේ “තෑන්ක් ගොඩ් ඉට්ස් ෆ්රයිඩේ” සිංදුවේ නර්ථනයෙන් වෙනස් වෙනවා.
“හැමෝම කියන්නේ සෝනක්ෂි ලස්සන ඉන්දියානු ඇඳුම්වලට විතරයි කියලයි. මට ඕන වුණා ඒක එහෙම නෑ කියලා පෙන්නන්න. සෝනක්ෂි ඇත්තටම බටහිර ඇඳුම්වලටත් ලස්සනයි. එයාට ගැලපෙන්නෙත් ඒ වගේ ඇඳුම් තමයි.”
මේ සිංදුවේ දී සෝනක්ෂි “ෂාන්” චිත්රපටියේ පාර්වින් බාබීස් වගේම “චල්බාස්” චිත්රපටියේ ශ්රීදේවිගේ විදිහටත් නර්ථනයේ යෙදෙනවා. අජේ දේව්ගන් සමග තමන්නා ප්රධාන චරිතවලට පණපොවන හිම්මත්වාලා චිත්රපටිය මාර්තු 29 වනදා තිරගතවීමට නියමිතයි.

Rita
March 27, 2013 at 12:45 am
If you wrote an article about life we’d all reach enlightnement.