බොලිවුඩ්

බිපාෂාගේ කෑ ගැහිල්ල

සරාගී බිපාෂා බාසු කියන්නේ බිහිසුණු ත්‍රාස්‍යජනක චිත්‍රපටිවලට කාඩ් වැදුණු නිළියක්නේ. බිපාෂාගේ ත්‍රාස්‍ය රැල්ලේ අලුත්ම චිත්‍රපටිය වුණ “ආත්මා” ළඟදීම තිරගත වෙන්නත් නියමිතව තියෙනවා. කොහොම හරි කමක් නෑ ආරංචි වුණ විදිහට මේ ත්‍රාස්‍යජනක චිත්‍රපටිවල වගේම ඇත්තටමත් බිපාෂා හැමදේටම කෑ ගහනවාලු. අපිත් ඒ ගැන ටිකක් හොයලා බැලුවේ ඒ හින්දයි.

“මම හැමදේටම අඬනවා. ඒ වගේම තමයි හැමවෙලේම කෑ ගහනවා. මගේ අම්මා දන්නවා ඇත්තටම මම කොයි තරම් කෑ ගහනවද කියලා. මට ඕන කරන හැමදේම මං ලබාගන්නේ කෑ ගහලම තමයි. මං ඒකට පුරුදු වෙලා” ඩ්‍රාමා ක්වීන් කියන රූපවාහිනී වැඩසටහනේ “ආත්මා” චිත්‍රපටියේ ප්‍රචාරණ වැඩසටහනකට එක්වුණු බිපාෂා තමන් ගැන කියන්නේ ඒ විදිහේ කතාවක්.

මැරුණු සැමියාගේ ශාපලත් ආත්මයෙන් තමන්ගේ දුවව බේරගන්න සටන් කරන අම්මා කෙනෙක්ගේ කතාව තමයි ආත්මා චිත්‍රපටියෙන් කියවෙන්නේ. ත්‍රාස්‍යජනක චිත්‍රපටි මාලාවේ ආත්මාගෙන් පස්සේ බිපාෂාව අපිට දැකගන්න වෙන්නේ “නෝ එන්ට්‍රි මේන් එන්ට්‍රි” චිත්‍රපටියෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!