බොලිවුඩ්

සෝනම් ආයුෂ්මන් ගැන පැහැදෙයි

බොලිවුඩයේ සුරූපී තරු ගොන්නේ බැබළෙන සෝනම් කපූර් කියලා කියන්නේ ලේසියෙන් කාගැනවත් පැහැදෙන කෙනෙක් නෙමෙයි කියන එක කොයි කවුරුත් හොඳින්ම දන්න දෙයක්නේ. ඒත් ඉතින් සෝනම් එක්ක රඟපාන ආයුෂ්මන් ඛුර්නා ගැනනම් සෝනම් හොඳ කියනවා කියලායි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. ඒ හින්දම අපි හිතුවා මේ ගැන ඔයාලටත් කියන්න.

ආයුෂ්මන්, සෝනම් එක්ක කැමරා‍ව ඉස්සරහ රඟපාන විදිහට වගේම එයාගේ ස්වභාවික හැසිරීම නිසා සෝනම් මේ විදිහට ආයුෂ්මන් ගැන හොඳ කියනවා කියලයි අපිටනම් ආරංචි වුණේ.

යාෂ් රාජ්ගේ අලුත්ම ව්‍යාපෘතියට සෝනම් වගේම ආයුෂ්මන් දෙන්නා ප්‍රධාන චරිත රඟපානවා. ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය නූපූර් අස්ථනාගේයි. මේ අලුත් නිර්මාණය හාත්ස්‍ය මුසු වුණු ආදරණීය චිත්‍රපටියක් කියලයි ආරංචි වෙන්නේ. හැබැයි ඉතින් තාම මේකට නමක්නම් දාලා නෑලු.

 

“ආයුෂ්මන් කියන්නේ විශිෂ්ට ගණයේ මිනිසෙක්. එයා ස්වභාවිකවම හොඳ රංගන ශිල්පියෙක්. හොඳ හැදියාවක් තියෙන විනීත වගේම ගෞරවයෙන් කතා කරන්න පුළුවන් පුද්ගලයෙක්” කවදාවත් තව කෙනෙක්ව වර්ණනා කරන්නේ නැති සෝනම් ආයුෂ්මන් ගැන කියලා තියෙන්නේ ඔන්න ඔහොම කතාවක්.

“මං ඇත්තටම ආයුෂ්මන් එක්ක වැඩ කරන්න කැමතියි. එයා එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම මම ගොඩක් සතුටුවෙනවා” තාමත් 27 වන වියේ පසුවන සෝනම් ආයුෂ්මන් ගැන කියන්නේ එහෙමයි.

කොහොම හරි කමක් නෑ සෝනම්ගෙන් ආයුෂ්මන් හොඳ අහගත්තේ ඔන්න ඔය විදිහටයි. ඒ කියන්නේ සෝනම් එක්ක මෙච්චර කල් රඟපාපු බොලිවුඩ් සුපිරි තරු කා ළඟවත් ඔය කියන විදිහේ හොඳ හැදියාවක්, විනීතකමක් නෑ කියන එකද එහෙමත් නැත්නම් ඒ අය හොඳ රංගන ශිල්පියෝ නෙමෙයි කියන එකද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයාලටම තමයි.

සෝනම් මේ දවස්වල “රන්ජනා” චිත්‍රපටිය රඟපෑම් කටයුතුවල නිරතව ඉන්නවා. ඒ වගේම තමයි රාකේෂ් ඕම්ප්‍රකාෂ් මෙහ්රාගේ “භාග් මිල්කා භාග්” චිත්‍රපටිය තිරගත වෙන්න නියමිතව තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!