පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.
අවිස්සාවේල්ල, දැරණියගල යන ප්රදේශවලින් ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් කැළණි ගඟ අවට ජීවත්වන පහත්බිම් ජනයා විමසිල්ලෙන් පසුවෙන ලෙසද දැනුම් දෙයි.