Gossip

පල්ලම රතඹලා ඔයත් පිටාර ගලයි.. නාවික හමුදාව මුදාගැනීමේ මෙහෙයුම් අරඹයි..

ඇදහැලෙන වර්ෂාවත් සමග පල්ලම රතඹලා ඔය පිටාරා ගැලීම නිසා නිවාස තුනක කොටුව සිටි 15 දෙනෙකු නාවික හමුදාවේ සහායෙන් අද අළුයම බේරාගත් බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකොන් මහතා පවසනවා.
15 වැනිදා උදෑසන සිට නොකඩවා ඇද හැලුන මහ වැස්සත් සමග රතඹලා ඔය පිටාර ගැලිම ඊයේ සවස සිට ආරම්භවී තිබූ අතර ඔය පහල පදිංචිව සිටි පිරිසක් කොටුවී සිටි බව අප වාර්තාකරු පැවසුවා.
පවුල් තුනකට අයත් 15 දෙනෙකු පදිංචිව සිටි නිවෙස් රාත්‍රි වන විට ජලයෙන් යටවිමත් සමග කිසිදු දෙයක් කර ගැනිමට නොහැකිව සිටියදියි නාවික හමුදාව විසින් ඔවුන් බේරාගෙන තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!