Gossip

විවාහ වී සිටින ජනප්‍රිය නළු රොෂාන් රණවන නැවතත් තනිකඩ ජීවිතයට – Photos

ශ්‍රී ලාංකේය සිනමාවේ නමගිය චරිතයක් තමයි රොෂාන් රණවන කියන්නේ.
රංගන ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතයත් සාර්ථකව ගත කරන රොෂාන් තනිකඩ ජීවිතයේ සුන්දරත්වය සහ සැහැල්ලුව ගැන ආයෙමත් මතක් කරලා තිබුණා.
නැවතත් ආපස්සට ගිහින් ඒ තනිකඩ ජීවිතය ගැන මතක් කරපු හැටි ගැනත් රොෂාන්ගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.

රොෂාන් ආයෙම ටෙලි නාට්‍යවලට ඇවිත්. ඇයි දැන් සිනමාවට ඔබේ දායකත්වය සැපයෙන්නේ අඩුවෙන්ද. ?
මම කොහොමත් ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නේ නෑ.. සිනමාව හෝ ටෙලි නාට්‍යය තුළ යම් තෝරා ගැනීමක් තියෙනවා.
සිනමාවට දායක වුණා කියලා ටෙලි නාට්‍යවලින් සම්පූර්ණයෙන් ඈත්වුණෙ නැහැ.. වසරකට ටෙලි නාට්‍යය එකක් විතර රඟපෑවා.

රොෂාන් සිනමාවේ හැමදාම සුන්දර ප්‍රේමවන්තයාමද .. ?
මම පහුගිය කා‍ලේ රඟ පෑ නිර්මාණවලින් ඒ තත්ත්වය වෙනස් කළා. ඉදිරියේදී තිරගත වන්නට නියමිත “ෆේස් ටු ෆේස්.” චිත්‍රපටයේ මම රඟපාන්නේ දුෂ්ටයාගේ චරිතය.
සුසිරන් ද සිල්වාගේ අලුත් චිත්‍රපටයත් හාස්‍ය චිත්‍රපටයක්.. ඒත් ඒ හාස්‍යය තුළ යම් ගැඹුරක් තියෙනවා.. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ජයලත් මනෝරත්න.
ඔහු වටා තමයි කතාව ගලාගෙන යන්නේ .. මම රඟපාන්නේ ඔහුගේ පුතාගේ චරිතය ..

“ෆේස් ටු ෆේස්..” චිත්‍රපටයෙන් දුෂ්ටයකු වූ රොෂාන් ඉදිරියේදී තිරගත වන්නට නියමිත චිත්‍රපටවල වෙනස් චරිත කරන බව පැවැසුවා.. ඇයි දැන් මල් ගස් වටේ නටන ප්‍රේමවන්තයාගෙන් දුරස් වෙලාද .. ?
මට තවමත් ප්‍රේමවන්තයා වන්නට පුළුවනි.. දැනට වුණත් ඒ වගේ චිත්‍රපටයකට ආරාධනා ලැබුනොත් එය හොඳ නිර්මාණයක් නම් භාරගන්නවා.. හැබැයි මට දැන් අවශ්‍ය ඉන් එහා ගිහින් යමක් කරන්න.

නිර්මාංශ දිවියක් ගත කරමින් සත්ව අවිහිංසාව වෙනුවෙන් ඔබ පෙනී සිටියා නේද.. ? දැන් එවැනි කටයුතුවලින් ඉවත් වී සිටින බවක් පෙනෙනවා. 
මගේ කාර්යබහුල කම හිංදා අවිහිංසාවාදී සංගමයේ කටයුතුවලට දායකත්වය දෙන්න ලැබෙනවා අඩුයි.
හැබැයි මම තවමත් සත්ව හිංසනයට එරෙහි කෙනෙක්.. ඒ වගේම තමයි මම හැමදාම නිර්මාංශයි.
සත්ව අවිහිංසාව සම්බන්ධ සමාජීය කටයුතු වලින් දුරස් වුණාට මම දැනටත් යම් සමාජ කටයුත්තකට ආරාධනා ලැබුණොත් හැකි අයුරින් ඊට එක්වනවා..

මොනවද ඒ විදියට මෑතකදී එක් වූ සමාජීය කටයුතු …. ?
අම්බලන්තොට කෝලිත හිමි සිරි නිවාස ‍පොඩි හිමි සහ ලොස් ඇන්ජලීස් බෞද්ධ මධ්‍යස්ථානයේ පියනන්ද නායක හිමි යන ස්වාමීන් වහන්සේලා විසින් පවත්වාගෙන යන “ලොස් ඇන්ජලීස් නුවර සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානය.” මගින් වාර්ෂිකව සමාජ සත්කාරක කටයුත්තක් කරනවා.
පාලිත කස්තුරිආරච්චි මෙහි සභාපතිත්වය දරන අතර ගීත් රංග සම්බන්ධීකරණ කටයුතු කරනවා.
ඔවුන් විසින් 2006 පටන් වාර්ෂිකව ජනප්‍රිය කලාකරුවන් ගෙන්නලා “රන්වන් රැයක්..” නමින් ප්‍රසංගයක් පවත්වලා ඉන් ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ කවර හෝ සමාජ කටයුත්තකට යොදවනවා. පහුගිය ජනවාරි 27 වැනිදා පැවැත් වූ “රන්වන් රැයක් 6..” ප්‍රසංගයට සහභාගි වුණේ මම, ජනිත් වික්‍රමගේ සහ උදාරි පෙරේරා.
එහිදී ලැබුණු මුදල් ඒ අය යෙදෙව්වේ ‍පොළොන්නරුවේ තියෙන “අලි වංගුව..” කියන ගමේ සංවර්ධනයට.

මේ සියලු කටයුතු මැද පවුල් ජීවිතයත් ගෙවිලා යනවා.. ගෙවී ගිය තනිකඩ ජීවිතය සහ අද ගෙවන ජීවිතයේ වෙනස දැනෙන්නේ කොහොමද ..?
තනිකඩ ජීවිතය තුළත් අපි විඳි යම් සැහැල්ලුවක් සුන්දරත්වයක් තියෙනවා.
මමත් එය වින්දා. තනිකඩ ජීවිතය හොඳබව ඇතැම් අය කියනවා මට ඇහිල තියෙනවා.
ඒත් මම නම් හිතන්නේ තනිකඩ ජීවිතය හොඳයි කියන්නේ ආත්මාර්ථකාමී අය.. විවාහයේදි තවත් කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න වෙනවා..
ඒ වුණත් ජීවිතය බෙදා හදාගන්න කෙනෙක් ඉන්නවා.. එය ජීවිතයට අවශ්‍යයයි.

ඒ කියන්නේ ඔබේ වැඩි මනාපය විවාහ ජීවිතයට… ? 
මගේ විවාහ ජීවිතය සුන්දරව ගලාගෙන යනවා.. මගේ සියළු කටයුතුවලට බිරිඳගෙන් ලොකු සහයක් ලැබෙනවා.. අපි දෙන්නම ගෙදර ඉන්න දවසට ගෙදර වැඩ කටයුතු කරන්නෙත් දෙන්නම එකතුවෙලා.

ඒ සුන්දරත්වය තවත් දැනෙන්නේ දෙදෙනාගේ කැදැල්ල කිරි සිනා හඬකින් පිරීගිය පසු කියා හිතෙන්නේ නැද්ද .. ? 
නිසි කාලයේදී ඒ කිරි සිනා හඬ අපේ කැදැල්ලෙන් ඇසේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!