Gossip

පිටිය මැදදී රටේ නම්බුව විනාශ කළ වරදට නායකයා ගෙදර යවන්න රජය තීරණ කරයි – Exclusive

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාව ගැන අහන්න දකින්න ලැබෙන්නේ හොඳ දේවල්නම් නෙවෙයි.
පසුගිය දවසක ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිකළා.
මේ තවත් ඒ වගේ මහත්වරුන්ගේ ක්‍රීඩාවට කලුපැල්ලමක් එක්කළ සිදුවීමක්.
පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ඔසට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් නායකත්වයෙන් ඉවත්කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා..
ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කිරීම එරට බලධාරීන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන දැඩි කම්පනයට පත්වූ බවයි.
කේප්ටවුන්හිදී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ පන්දුව පලුදුකළ බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිළිගත්තා.
කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කලිසම් සාක්කුවෙන් ටේප් පටයක් ගෙන පන්දුව පුලුදු කළ අයුරු ක්‍රීඩා පිටියේ කැමරාවල සටහන්වී තිබුණා.
තවද එය සිදුකරන බව තමා දැන සිටිය බව නායක ස්ටීවන් ස්මිත් පසුව කියා සිටියා.
එම සිදුවීම තම කණ්ඩායෙම් සිදුවූ විශාල වරදක් බවයි ඔහු පැවසුවේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී නායක ස්ටීවන් ස්මිත් සහ බැන්ක්‍රොෆ්ට් සමාව අයැද සිටියා.

අදාල සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!