Gossip

අයින් වෙන්න අදහසක් නැහැ.. දැන් මම නිහඬ වෙලා ඉන්නේ – ඕෂධී හේවාමද්දුම

රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ.
විවිධ චරිත ඔස්සේ ඇය පුංචි තිරයෙන් වගේම රිදී ති රයෙනුත් ඔබේ ආලින්දයට එනවා.
මේ ඇයගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක සඳහන් වූ ලිපියක්.

කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳයි. සතුටින් ඉන්නවා.

මේ දවස්වල කලා කටයුතුවලින් නිහඬ වෙලා ඉන්නේ විශේෂ කාරණයක් නිසා නේද?
විශේෂ කාරණයකුත් තියෙනවා. ඒත් සති දෙකකට ඉහත කාලසීමාව වන තෙක්ම ටෙලි නාට්‍ය රූගත කිරීමකට සම්බන්ධ වුණා. දැන් නම් ටිකක් නිහඬ වෙලා ඉන්නේ.

අලුත් බලාපොරොත්තුවක් එක්කනේ දැන් ජීවත් වෙන්නේ. ඒ ගැන කියමු?
ඔව්. දැන් දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නේ. දැන් මාස හතරයි. ජූලි මාසේ අන්තිම වෙනකොට බබා ලැබෙයි.
මුල් කාලේ වැඩවලට සම්බන්ධ වුණා. දැන් ටිකක් වැඩ කරන්න අමාරුයි.

දැන් හීන දකින්නේ දුවෙක් ගැනද?
මට පුතෙක් ඉන්නවා. හැමෝම කියන්නේ පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලා.
මම කලින් ගොඩක් ආස පුතාලට. පුතාලා දහයක් හිටියත් අහක යන්නේ නෑ. පුතෙක් ඉන්න නිසා දැන් මම කවුරු ආවත් කැමැතියි.

තිරයේ වැඩිපුර පේන්න නොහිටියට වැඩ නොකර ඉඳලා නෑ නේද?
මම කොහොමත් පුතා ලැබුණට පස්සේ නිර්මාණවලට සම්බන්ධ වෙන එක සීමා කළා.
පුතාගේ වැඩ, දේශපාලන වැඩ කටයුතු, පවුලේ වැඩකටයුතු එක්ක කලා කටයුතු ටිකක් සීමා වුණා.
මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති නෑ. මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඒවා එන්න පොඩි ප්‍රමාදයකුත් තියෙනවා.

ඉදිරියේදී ඕෂධී, රංගනයට තව තවත් වැට කඩොලු බැඳ ගනීද?
රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නෑ. මේ හැමදේටම මට උදවු කරන්නේ මගේ මහත්තයා, මහත්තයාගේ පවුලේ අය සහ මගේ අම්මා තාත්තා.
ඒගොල්ලෝ කවුරුත් මගේ කකුලෙන් අදින්නේ නෑ.
මාව දිරිමත් කරලා සහයෝගය දෙනවා. මම ඉස්සර ඉඳන්ම හැම දෙයක්ම කළේ සැලැස්මකට අනුව. ඒ නිසා මම ලොකු අර්බුදවලට ලක්වෙන්නේ නෑ. ජීවිතේ සැලසුම් සහගතව ගෙනියනකොට අමාරු නෑ.

ඉදිරියේදී සැමියාගේ නිෂ්පාදනවල විතරක් ඕෂධී පෙනී සිටීද?
මම ආස කරන චරිත මට හැමතිස්සෙම පිටින් එන්නේ නෑ.
අපේ ආයතනයෙන් නිර්මාණ කරන කොට මට ආස චරිතයක් තෝරා ගන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. නමුත් සැමියගේ නිෂ්පාදනවල විතරක් පෙනී සිටින අදහසක නෑ.

ඕෂධී වැඩිපුර දැක්කේ පුංචි තිරයේ. වැඩිපුර කැමැතිත් පුංචි තිරයටද?
මම වැඩියෙන් ඉන්නේ සහ ගොඩක් අය මාව දන්නේ ටෙලි නාට්‍ය නිසා.
දැනට ටෙලි නාට්‍ය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දැන් විකාශය වන ටෙලි නාට්‍ය රැල්ල එක්ක ගත්තාම සිනමාවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතෙනවා.

අනාගතය ගැන ඉලක්කයක් ඇති?
ඔව්. මගේ ඊළඟ දරුවත් ලැබුණාම කලා කටයුතුත් අතහරින්නේ නැතිව ඒවටත් ඉක්මනටම සම්බන්ධ වෙලා, දේශපාලන කටයුතුත් කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!