අසූව දශකයේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා රිවර්සයිඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සී මෝර් දූපතෙන් රැගෙන ආ ආදී කාලයේ විසූ කුරුල්ලන්ගේ බවට සැක කෙරෙන පොසිල පෘථිවියේ දක්ෂිණ මුහුදේ වසර මිලියන 60ක පමණ කාලයක් ජීවත් වූ ලොව මෙතෙක් සිටි දැවැන්තම පියාඹන කුරුලූ විශේෂයකට අයත් ඒවා බව එම පොසිල අධ්‍යයනය කළ උපාධි ශිෂ්‍යයෙකු වන පීටර් ක්ලොයෙස් විසින් අනාවරණය කර තිබේ.
අසූව දශකයේ විද්‍යාඥයන් පිරිසක් විසින් රැගෙන ආ මෙම පොසිල අදාළ කුරුලූ වර්ගයට අයත් කුරුල්ලන් දෙදෙනකුගේ පාද අස්ථිය හා හකු අස්ථිය වන අතර එම කුරුල්ලන් ‘පෙලගෝනිතිඞ්ස්’ නමින් හැඳින්වෙන බව ඉකුත් සඳුදා (26දා) නිකුත් වූ ක්ලොයෙස් විසින් 2015 වසරේ අරඹන ලද අධ්‍යයනයේ වාර්තාවේ දැක්වේ. මෙම කුරුල්ලන් හට තියුණු දත් හා දිගැති හොටක් තිබී ඇති අතර ඒවා උපයෝගී කරගෙන මුහුදේ වෙසෙන මත්ස්‍යයන් අල්වා ගෙන පියඹීමට ඔවුන් සමත්ව ඇති බව අනාවරණය වී තිබේ.
