Gossip

“මට ආපු ලොකුම චෝදනාව තමයි ඒ රූපරචනා සරාගී වැඩියි කියලා. මගේ හරි කැත පුරුද්දක් තියෙනවා” – ඉරාජ් ප්‍රසිද්ධියේම හෙළි කළ කැත පුරුද්ද මෙන්න

කාලෙන් කාලෙට තරුණ ගායන පරපුරේ විවිධ රැලි නිර්මාණය වෙනවා. ඒ රැලිවලට නිර්මාණකරුවන් සේම රසිකයන්ද හසුවෙනවා.
ඒ රැලි නිර්මාණයේ පෙරගමන්කරුවකු ලෙස ඔහු ජනප්‍රියයි. නිරතුරුවම තම නිර්මාණ හරහා සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරන්නට සමත් හෙතෙම ඉරාජ් වීරරත්නයි. ඩිජිටල් මාධ්‍යයේ නිතර ගැවසුණු ඔහු නැවතත් ටෙලිවිෂනය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

කාලෙකට පස්සේ ඉරාජ් ආයෙමත් ටෙලිවිෂන් එකේ?
මම කාලයක් ටෙලිවිෂන් මාධ්‍යයෙන් ඉවත් වෙලා ඩිජිටල් මාධ්‍යයට ගියා.
ඩිජිටල් මාධ්‍යයේ වැඩ ගොඩක් මම කළා. මට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහට ඩිජිටල් මාධ්‍යයේ ගොඩක් දේවල් හදාගත්තා.
ඉතින් මට ටෙලිවිෂන් එකෙන් සහ රේඩියෝ එකෙන් ආයෙමත් ආරාධනාවක් ආවා.
දැන් ජනමාධ්‍යවල පොඩි වැඩ ටිකක් ආයෙමත් කරනවා.

ඒ කියන්නේ පරණ ඉරාජ් ආයෙමත් ඇවිල්ලා?
පරණ අලුත් කියලා එකක් නැහැ. ඒක හදාගෙන තියෙන්නේ මිනිස්සු. අලුත් ඉරාජ් පහුගිය අවුරුදු හතරෙදි youtube මාධ්‍යයේ වැඩ ගොඩක් කළා. ඒ කාලේ මට youtube මාධ්‍ය හරහා විවිධ වෙනස්කම් කරන්න පුළුවන් වුණා.
“මට මාධ්‍ය වැඩක් නැහැ Youtube එක තියනවා” කියපු ඉරාජ් ආයෙමත් මාධ්‍යට ආවේ youtube එපා වෙලාද?
මට අවශ්‍ය පණිවිඩය දැන් youtube එක හරහා ඕනෙම කෙනෙක්ට යවන්න පුළුවන්. ඒකට මට කිසිම මාධ්‍යයක් අවශ්‍ය නැහැ. මම youtube මාධ්‍ය හරහා ගොඩක් වැඩ කළා. Youtube එක කියන්නේ මට ආයුධයක්. ඒත් මට දැන් ජනමාධ්‍යවලින් නැවත කතා කරනවා.
දැන් ජනමාධ්‍යවලටත් ඩිජිටල් මාධ්‍යයේ hit වුණු චරිත එකතු වෙනවා අපි දකිනවා. ජනමාධ්‍යයෙන් hit වෙලා youtube මාධ්‍යයට එන්නේ අඩුවෙන්.

Youtubeඑක ලංකාවේ යම් තලයකට ගේන වෙහෙසුණු අයගෙන් ඉරාජ් එක්කෙනෙක්?
ඔව්. ඒ ගැන මම සතුටු වෙනවා. Youtube පඵ ලා දැන් මිලියන ගණන් මුදල් උපයනවා. විවිධ වෙළෙඳ සන්නාමවල දැන්වීම් කරනවා.
අලුත් අලුත් දේවල් ගොඩක් කරනවා දැක්කා. කාටවත් ඒ අය ඔළුව නමන්න අවශ්‍ය නැහැ දැන්. ඉස්සර තිබුණා මාෆියාවක්. සින්දුවක් කරන්න ලක්ෂ පහක් විතර සල්ලි ඉල්ලනවා.
ඒ වගේම නාළිකාවල ප්‍රධානීන්ගේ බලය ඉස්සරහා අලුත් පරම්පරාවට ඔළුව නමන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ඕනේම නිර්මාණයක් youtube හරහා මුළු රටටම දකින්න සලස්වනවා. අපි සංගීත ගමන පටන් ගත්ත කාලේ අපිට නාළිකාවලින් විවිධ ප්‍රශ්න තිබුණා. මේ කිසිම ප්‍රශ්නයක් දැන් නැහැ. ඒ වගේම ප්‍රසංගවලදී අලුතෙන් ආපු අයට ප්‍රශ්න තිබුණා. සමහර ගාන්ධර්වයෝ කියන අය ඇතුළතින් හරිම කුහකයි. මාව දවසක් ඒ ගාන්ධර්වයෝ එනවා කියලා මියුසිකල් ෂෝ එකකින් සින්දු කියන්න දෙන්නේ නැතුව හරවලා යැව්වා. ඉතින් දැන් අයට එහෙම ප්‍රශ්න නැහැ. අපි එයාලට වෙනම වේදිකාවක් හැදුවා.අපි හදපු වේදිකාවෙන් අනිත් අය වැඩගන්නවා දකිනකොට ඇත්තටම සතුටුයි.

Youtube මාධ්‍යයෙත් විවිධ අගතීන්, හරසුන් දේවල් සිදුවෙනවා?
ඕනේම කෙනෙක් රධභබභඡඥ එක කාගේහරි බලකිරීම මත බලන්නේ නැහැනේ. ඕනේ කෙනෙක්ට තමන්ට අවශ්‍ය දේ බලනවා. බලන්නේ මොකද්ද කියලා තෝරාගන්න එක පෞද්ගලිකයි. ඒක හරසුන්ද, ඒකෙන් සමාජයට හෝ තමන්ට හානි වෙනවාද කියලා බලන කෙනා තීරණය කරන්න ඕනේ. ජනමාධ්‍යයයි ඩිජිටල් මාධ්‍යයයි කියන්නේ දෙකක්. මේක නියාමනය කරන්න කාටවත් බැහැනේ. ඉස්සර අපි සිංදුවක් අරගෙන ටීවී එකට යද්දි වයසට සෙට් එකක් හිටියා බෝඩ් උස්සන්. මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම සින්දු දාන්න බෑ කියලා. සංගීත් විජේසූරිය කියන මම music කරපු “රන්වන් රන් රන්වන්” සින්දුව ටීවී එකේ දාන්න බැහැ කිව්වා. ඒකේ නටනවා වැඩි නිසා. ඒක රූපවාහිනීයට සුදුසු නැහැ කිව්වා.

ඉරාජ් ක්ෂේත්‍රයට ආපු කාලේ ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබුණාද?
මගේ ප්‍රවීණයෝ තමයි වසන්ත දුග්ගන්නාරාල, කැළුම් ශ්‍රීමාල්, රංග දසනායක, නිමල් ලක්ෂපතිආරච්චි වගේ අය.
මම මේ ඩිජිටල් මාධ්‍යයේ දාන හැම සෙල්ලමක්ම මම කරන්නේ ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් නිසා. 2005දී මට නිමල් ලක්ෂපතිආරච්චි කිව්වා “උඹ ඔය හදන දේවල් ෆෝන් එකෙන් මිනිස්සු නොබැලුවොත් උඹ තව අවුරුදු පහ හයකින් නැහැ” කියලා. ඒ කාලේ තිබුණේ පොඩි කීපෑඩ් ෆෝන්. ඔවුන්ට හොඳ දැක්මක් තිබුණා. ඒ අවවාද අරගෙන තමයි මම ඉස්සරහට ආවේ.

මේ දවස්වල Music පැත්තෙන් කරන වැඩ මොනවාද?
මම කළා international song album එකක්. අංක එකේ American Artist ලා එක්ක වැඩ කළේ. ඔවුන් Billboard Chart එකේ ඉහළින්ම ඉන්න අය. මම තව මාසෙකින් විතර ඒ Album එක එළිදක්වනවා youtube හරහා. ඒ වගේම මම සිංහල ගීත කීපයක් කළා. ඒවත් ඉදිරියේදී බලාගෙන්න පුළුවන් හැමෝටම. ඒ ගීත ඔක්කොම වැඩිපුර මම ගායනා කරන්නේ. බොලිවුඩ්වල වැඩ ටිකක් කරන්නත් හිතාගෙන ඉන්නවා.
බොලිවුඩ් ගායන ශිල්පිනී නේහා කාකාත් එක්ක මම ගීත ගොඩක් කළා කලින්. බොලිවුඩයේ සංගීත ආයතන කීපයක් එක්ක මට සබඳතා තියෙනවා. ඔවුන්ගේ ගීතවලටත් ගීත රූපරචනා මට කරන්න එනවා. ඒ වැඩත් පුළුවන් තරම් මෙහෙ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉරාජ් හදන ගීතවල රූපරචනා හරි ආන්දෝලනාත්මකයි.
මම ඉස්සර ඉඳලාම ගොඩක් වෙනස් දේවල් කළේ. ඒවාට ගොඩක් අය බැන්නා. සමහරු බැලුවා. සමහරු බැන බැන බැලුවා. තමන්ට අවශ්‍යයි නම් බලනවා නැත්නම් නොබලා ඉන්නවා. මට ආපු ලොකුම චෝදනාව තමයි ඒ රූපරචනා සරාගී වැඩියි කියලා. නමුත් ඊට වඩා සරාගී දේවල් පවුල් පිටින් ටෙලිවිෂන් එකෙන් කට්ටිය බලනවා. මගේ “සිල් බිඳගත්ත” රූපරචනාවේ හින්දි චිත්‍රපටිවල තියෙන ඒවාට වඩා වැඩි දෙයක් නැහැ. ඒත් මගේ වීඩියෝ එක විකාශය කළේ නැහැ. හින්දි චිත්‍රපටි පෙන්නනවා. මම ඒ ගීතය කළේ 2015දී. ඒ කාලේ ඒ වගේ රූපරචනා හැදිලා තිබුණේ නැහැ. ඒ නිසා මැජික් එකක් වුණා. ඒ කාලේ මාධ්‍ය සාකච්ඡා පවා පවත්වලා මට බැන්නා. ඒත් රැල්ලට ඒ වගේ රූපරචනා ගොඩක් හැදුණා.
දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා. මට අවශ්‍ය වුණෙත් ඒක සාමාන්‍ය දෙයක් කරන්න. අපේ රටේ නළු නිළියන් පවා ස්තූතියි කළා ඒ රාමුව කැඩුවාට. ඒක දැන් පරණයි. ඊට වඩා වෙනස් අලුත් වැඩ ගොඩක් මම කළා. පහුගිය කාලේ මගේ youtube channel එක බැලුවා නම් ඒක පේනවා. මම වෙනස් රූපරචනා ගොඩක් කළා. සමහර රූපරචනා තිබ්බා දවසින් මිලියනයක් බලපු. රටේ ප්‍රශ්න ගැන කතා කරපු ගීත රූපරචනා කළා මම.

ඔබ හැම වෙලාවෙම කලාවට අලුත් මූණක් ගෙන එන්න වෙහෙසෙනවා නේද?
ඒක වෙන්න ඕනේ වැඩක්. අපේ සහාය ඒ අයට තියෙන්න ඕනේ. මම ගීත රූපරචනා හරහා අලුත් අයව හඳුන්වා දෙනවා කලාවට. මගේ ගීත රූපරචනා හරහා ගායකයන්, නිරූපණ ශිල්පී ශිල්පිනියන් ගොඩක් කලාවට හඳුන්වා දුන්නා. ඒක හොඳ දෙයක් විදිහට මම දකිනවා.

ඉරාජ්ගේ දේශපාලන කලබැගෑනිය දැන් ඉවරද?
පහුගිය අවුරුදු පහේ ලංකාවේ ගොඩක් ප්‍රශ්න වුණා. ඒවා අපි දැක්කා. දැන් නම් ඒවා ගොඩක් අයට අමතකයි.
ඒ කාලේ වෙච්ච දේවල්වලට විරුද්ධව යම් සටනක් කළා. මුදල් එකතු කරලා පන්සල් හැදුවා. මිනිස්සු එකතු කළා. මිනිස්සුන්ට උපකාර කළා. ප්‍රශ්න තිබුණු තැන්වලට ගිහින් ඒවා කතා කළා. Youtube එක හරහා ගොඩක් අසරණ වුණු අයට උදවු කළා.
මට ඕනේ වුණේ මේ රටට හොඳ නායකයෙක් පත් කරන්න. ඒක වුණා. ඊටපස්සේ මම කිව්වා “මගේ දේශපාලනය දැන් ඉවරයි. නායකයෙක් පත් කරන්නයි ඕනේ වුණේ. දැන් සංගීත වැඩ කරන් ඉන්නවා” කියලා. ඒ වගේම දැන් මගේ දේශපාලනය ඉවරයි.

ඉරාජ් රාජ්‍ය ආයතන දෙකක නිලධාරී මණ්ඩලයේ ඉන්නවා?
මට ජනාධිපතිතුමාගෙන්ම ආරාධනාවක් ලැබුණා සංචාරක මණ්ඩලයේ ඩිජිටල් පැත්ත බලන්න කියලා. මම කිසිම මුදලක් නොගෙන සංචාරක කර්මාන්තය යළි නඟා සිදුවන්න උපදේශකයෙක් හැටියට වැඩ කරනවා. ඒ වගේම මට ආරාධනාවක් ආවා නාමල් රාජපක්ෂ ඇමතිතුමාගෙන් තරුණ පරපුර සම්බන්ධ වැඩ ටිකක් කරන්න කියලා. එතනදිත් කිසිම වැටුපක් නොගෙන තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් හැටියට මගේ ශ්‍රමය යොදවනවා. රටේ ක්‍රීඩාව සම්බන්ධ ගොඩක් අපහසුතා තියෙන තරුණ පිරිස් ඉන්නවා. ඒ අයව හොයාගෙන ගිහිල්ලා Youtube මාධ්‍ය හරහා උදවු උපකාර ලබාදෙනවා. ඒ වගේම ක්‍රීඩා කරන තරුණයන්ව හොයාගෙන ගිහින් ලංකාවේ විවිධ ආයතන ඔවුන්ට සම්බන්ධ කරලා උදවු උපකාර ලබාදෙනවා.

ඉරාජ් ගීත රූපරචනාවලිනුත් ලංකාවේ සංචාරක කර්මාන්තය ජනප්‍රිය කරන්න හදනවා කියලා ආරංචියි?
ඔව්. ඒක අනිවාර්යයෙන්ම මම කරනවා. මම පහුගිය දවස්වල අන්තිමටම කරපු ගීත රූපරචනාවේත් ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිහින් ස්වභාවික සුන්දරත්වය රූගත කළා. සංචාරක කර්මාන්තය සඳහා ලංකාවේ තියෙන සම්පත් ඩිජිටල් මාධ්‍ය හරහා පුළුවන් තරම් එළියට දාන්න වැඩපිළිවෙලක් හදාගෙන යනවා.
ලංකාවේ රැප් රැල්ල කාලයක් ඉරාජ්ලා හොඳ විදිහට හැදුවා. පහුගිය කාලේ රැප් රැල්ලත් එක්ක ප්‍රචණ්ඩකාරී දේවල් වුණා. රැප් රැල්ල එක්කම මත් රැල්ලකුත් ඇවිත්.
අලුත් පරම්පරාවේ අය දැන් අපිට වඩා හරි දියුණුයි. එයාලා දේවල් ඉක්මනින් වැලඳගන්නවා. අමෙරිකාවේ රැප් ගායකයෝ පිරිසක් රටේ දේශපාලනය, සමාජ ප්‍රශ්න ගැන කතා කරනවා වගේම තවත් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රැප් කරනවා. Instragram එකේ එයාලා පෙන්නනවා “මේක තමයි ෆන් එක, වෙනම ලෝකෙකට යනවා” කියලා. රැප් විතරක් නෙමෙයි, පොප්, රෙගේ හැම ගායකයෙක්ම ලෝකේ ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ දේවල් ඉක්මණින් පොඩි පරම්පරාව වැලඳගන්නවා. මවුපියෝත් දැනගන්න ඕනේ ජංගම දුරකතනයක් දරුවෙක් අතට දෙනකොට ඒකේ හොඳ නරක දෙකම තියෙන බව. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පොඩි පරම්පරාව හදන්න. මමත් මත්ද්‍රව්‍යවල විපාක ගැන සින්දු පවා හදලා තියෙනවා.

ලංකාවේ දැන් නැවතත් ඉස්සර ඇහුණු නාදරටා ගීතවල ඇහෙනවා.
ඒ කාලේ ර්භඵඪජ දැන් ආයිමත් ඇහෙමින් පවතිනවා. මල් සින්දු රැල්ල එපා වෙලා දැන් ආයිමත් ඵතධඹ සින්දු ඇහෙනවා. ඒ කාලේ මම හදපු හිතුමතේ, නින්ද නොයන හැන්දෑවේ, මතක මන්දිර, යායට පායනා, ඔබ හින්දා බෑ, පානා සෙනෙහස වගේ ගීත සැනසිල්ලේ අහන් ඉන්න පුළුවන් ගීත. ඒ වගේම මෑත කාලයේ හැදුණු ආශාවරී වගේ ගීතත් ඒ ගණයටමයි අයිති.

රඟපාන්න එහෙම ආරාධනා ඇවිත් නැද්ද?
ආරාධනා ඇවිත් තියෙනවා. මට එහෙම ලොකු චරිත රඟපාන්න බැහැ. පොඩි පොඩි චරිත ආවොත් සලකා බලනවා. (සිනාසෙමින්)

ඉරාජ් චිත්‍රපටයක් කරන්න හැදුවා නේද?
මම චිත්‍රපටයක් කරන්න උත්සාහ කළා. ඒත් ඒක කරගන්න බැරි වුණා. ආයිමත් ඒක කරන්න අදහසක් තියෙනවා.
ෆිල්ම් එකක් කරනවා කියන එක මට ලේසි වැඩක්. ෆිල්ම් එකක් කරන්න අවශ්‍ය ඔක්කොම උපකරණ සහ මිනිස්සු මට ඉන්නවා. ඉදිරියේදී මම කැමතියි හොඳ පිරිසක් එක්ක හොඳ සිනමා නිර්මාණයක් කරන්න. මම කැමතියි ඒක ලංකාවට විතරක් නෙමෙයි අන්තර් ජාතික වශයෙන් දකින්න විඳීන්න පුළුවන් වැඩක් කරන්න.

මේ තරම් වැඩ කරන ඉරාජ්ට ඇයි මිනිස්සු මෙච්චර බනින්නේ?
මගේ හරි කැත පුරුද්දක් තියෙනවා. මම හරි ආසයි මට බනිනවා නම්. මට කවුරුත් බනින්නේ නැතුව ඉන්නකොට හරිම කම්මැලියි. මම මොකක්හරි වැඩක් කරලා බැනුම් අහන්න කැමතියි. බනින්නේ ඉරිසියාවට හෝ ඒ වෙනසට තියෙන අකමැත්තට. සමාජ මාධ්‍යවල මට බනින දේවල් බලලා මම පුදුම වින්දනයක් ලබනවා. මට බනින එකත් දැන් රැල්ලක් වෙලා. ඒවා දැකලා මම හොඳට හිනාවෙනවා.

උපුටා ගැනීම – සරසවිය පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!