Gossip

දෙවැනි කොවිඩ් රැල්ල ව්‍යප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වූ හැටි හෙළිවෙයි.. හෝටලේ GM සියල්ල පිලිගනී

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක සාමාජිකයකුගෙන් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවත්. යුක්රේන් කණ්ඩායම නිරෝධායනයට ලක් කර සිටි සීදුවේ පිහිටි තරු හෝටලයක නිරෝධායනය නොවූ සේවකයින්ගෙන් වෛරසය ව්‍යාපිත වී ඇති බවත් බුද්ධි අංශ වාර්තා කළා.
මෙම පුවතින් පසු අදාල යුක්රේන ජාතිකයා නවාතැන් ගෙන සිටි සීදූවේ රාමඩා හෝටලයේ සාමන්‍යාධිකාරී වරයා වන අශෝක ජයමාන්න මහතා සමග අරුණ පුවත්පත දුරකතන සංවාදයකට එක්වී තිබුණා.
එහිදී පුවත්පත පලකර තිබූ පුවත සම්පූර්ණයෙන්ම නිවැරදි බව පිළිගත් ඔහු නමුත් කරුණු වාර්තා කිරීමේදී අනු පිළිවෙලේ කිසියම් දෝශයක් ඇති වී ඇති බව කියයි.
මිනුවන් ගොඩ රැල්ල පටන් ගත්ත දවසේ සිට බුද්ධි අංශ නිලධාරියකු තමන්ගේ හෝටල් පරිශ්‍රෙය් යොදවා ඇති අතර මේ කතාවේ ඇත්ත නැත්ත ඔහුගෙන් විමසූ විට මෙතැන ඔහුගේ සම්බන්ධ මොකක් හරි පැටලවීමක් ඇති බවට තමන්ට වැටහෙන බවත් කියයි.
කෝවිඩ් ආසාදනයට ලක් වූ යුක්ක්‍රේන ජාතිකයා තම හෝටලයේ සිටි බව පිලිගත් හෙතෙම නමුත් තමන් නිරෝධායන නීති කඩ නෙකළ බව කියයි.
කෝවිඩ් ආසාධිතයකු හසුවී තිබුණත් තමන්ගේ හෝටලයේ කිසිවකුත් නිරෝධායනය කළ යුතු බවට හෝ පී සී ආර් කළ යුතුබවට MOH නිර්දේශ නොකළ බව ඔහු කියයි. එහෙයින් සේවකයින් නිරෝධායන කිරීමට අවශ්‍යතාවක් නොතිබුනු බව ද කියයි.
මේ වන විට තමන්ගේ හෝටලයේ සේවකයින් 5 දෙනකුට වෛරසය ආසාධනය වී ඇති බව පිළිගත් හෙතෙම නමුත් තමන්ගේ හෝටලයටද වෛරස පැමිණ ඇත්තේ පිටින් බව කියයි.
සාචාරකයන් සම්බන්ධයෙන් වෙනත් හෝටල් වලට පනවා ඇති නිරෝධායන නීති හෝටල් දෙකකට පනවා නැති බවත්. ඉන් එක් හෝටලයක් වන්නේ තමන්ගේ හෝටලය බවත් පවසන ඔහු ඒ අනුව අමුත්තන් හෝටලයට ගන්න එපා කියා හෝ හෝටලයේ ඉන්න අමුත්තන් පිටතට යවන්න එපා කියා හෝ තමන්ට කිසිදු කොන්දේසියක් පනවා නැති බව කියයි.
එසේ දෙවිදියකට නීති පැනවීම රජයේ බලධාරීන්ගේ වරදක්දැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු ලෙස කීවේ තමන්ට ඊට පිලිතුරක් දිමට නොහැකි බවත් ඒ වැරදි තමන් පිටින් යවන එක වැරදි බවත් කියායි.
කිසි විටෙකත් තමන් නිරෝදායන නීති කඩ නොකළ බව අවධාරණය කරන ඔහු අනාවරණය වූ ආසාධිතයින් 5 දෙනාදා අනාවරණය වූයේ තමන් ස්වේච්චාවෙන් කළ PCR පරීක්ෂණයෙන් බව කීය.

උපුටා ගැනීම – අරුණ වෙබ් අඩවිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!