වවුනියාවේ – පූන්තෝට්ටම් මදීනා නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට අද අළුයම 2 ට පමණ ටයරයක් පිළිස්සීමත් සමඟම ප්රදේශයේ මුස්ලිම් ජනතාව දැඩි ලෙස බියට පත්ව තිබෙනවා.
වහාම මදීනා නගරයේ ජනතාව පොලීසිය දැණුවත් කොට ඇති අතර පොලීසිය එහි ගොස් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පරණ ටයරයක්ට ගිනි ඇවිලී ඇති බවයි.
නමුත් ගම්මානයේ ජනතාව තමන් සමඟ රැඳී සිටින ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කොට තිබේ.
මේ නිසා වවුනියාව පොලීසියේ නිලධාරීන් කීප දෙනෙකුටම මදීනා නගරයේ වැසියන්ගේ බිය තුරන් කිරීමට ජනතාව සමඟ සිටීමට සිදුව තිබේ.
මෙම ගින්න හට ගැනීමත් සමඟම මදීනා නගරයේ ජනතාව පළාතේ මුස්ලිම් දේශපාලනඥයින්ට සිදුව ඇති දේ පැවසීම නිසා ඔවුන්ද කලබලයට පත්ව තිබේ.
දේශපාලනඥයින් පොලීසියට කතා කොට මහා කලබලයක් වූ පරිද්දෙන් කටයුතු කොට තිබේ.
කෙසේ වෙතත් වවුනියාව පොලීසියේ නිලධාරීන් පිරිසක් 7 දා උදෑසනද මදීනා නගරය වෙත යැවූ බව වවුනියාව මුලස්ථාන පොලීසිය සඳහන් කළේය.
මදීනා නගරය යනු යුද්ධයෙන් පීඩාවට පත් මුස්ලිම් ජනතාව පදිංචි කරණ ලද වවුනියාවේ පූන්තෝට්ටම් ප්රදේශයේ පිහිටි කුඩා මුස්ලිම් ගම්මානයකි.
එහි මුස්ලිම් දේවස්ථානය අසල මෙම පරණ ටයරය ගිනි ගැනීම සිදුව ඇතැයි වවුනියාව පොලීසිය වැඩි දුරටත් සදහන් කළේය.
