මේ දිනවල අපේ රටේ දක්ෂ ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් ෆේස්බුක් දැමූ සටහනක් ඉතාමත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා.
ඒ තමයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා.
ඇය පසුගිය දෙසැම්බර් 21 වනදා සිය ෆේස්බුක් ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණේ “ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්” කියලායි.
එමෙන්ම එම සටහන අඩංගු ඡායාරූපයට ඇය “Poor Pandas” යනුවෙනුත් එක්කර තිබුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ තිසර පෙරේරා වීමත් විශේෂත්වයක්.
නමුත් පසුව ටාන්යා විසින් අදාළ ඡායාරූපයේ එම පැන්ඩා යන නාමය ඉවත් කර තිබුණා.
තිසර පෙරේරා සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන දෙදෙනාම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයනුයි.
