දුර්ලභ ගනයේ ලාංකීය දිවියන් දෙදෙනෙකු ප්‍රංශයේ සත්වෝද්‍යානයක උපත ලබා තිබෙන බව විදේශ පුවත් සේවා පෙන්වා දෙයි. උතුරු ප්‍රංශයේ මොබියුගි( Maubeuge ) සත්වෝද්‍යානයේ දී මෙම දිවි පැටවුන් උපත ලබා ඇති බව වාර්තාවෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ශ්‍රී ලාංකීය දිවියන් වදවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බවයි. ලෝකයේ මෙම දිවියන් 700ක් පමණ සිටිනු ඇති බවට විශ්වාස කරයි.
යුරෝපීය කලාපයේ සත්වෝද්‍යාන 20 ක මෙම ශ්‍රී ලාංකීය දිවි විශේෂයේ සතුන් 60 දෙනෙකු පමණ සිටින බව සඳහන් වෙයි. පැන්තෙරා පාඩස් යන විශේෂය යටතේ ගැණෙන පැන්තෙරා පාඩස් කොටියා යන විද්‍යාත්මක නාමයෙන් යුතු උප විශේෂයෙන් මෙම ශ්‍රී ලාංකික දිවියා නම් කෙරෙයි. සීග්‍ර වන විනාශයත් දඩයම් කිරීමත් හේතුවෙන් මෙම ශ්‍රී ලාංකීය දිවි විශේෂය වදවීයාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.
