අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්වීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඇතැම් වාර්තා පැවසුවේ ඔහු නව රජයේද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට ඉඩ ඇති බවයි.
කෙසේ වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න යළි සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළහොත් වහාම දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යොමුවන බවයි.
මේ අතර ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු අමාත්‍ය රජිත සේනාරත්නට කුමන හෝ අමාත්‍යංශයක් ලබාදීමට තම සංගමය විරෝධය පළකරන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ රටේ බහුතර මතය වන්නේ ඔහු වැනි කෙනෙකුට කිසිසේත්ම කැබිනට් මණ්ඩලයේ නොසිටිය යුතු බවයි.