‘ජාතික රණවිරු අනුස්මරණ දිනයට’ සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් එකසිය හැත්තෑහත්දෙනකුට උසස්වීම් ලබාදී තිබේ.
නව මේජර් ජෙනරාල්වරුන් පස්දෙනකු, යුද හමුදා ස්වේච්ඡා බළකායේ බි‍්‍රගේඩියර්වරුන් හතරදෙනකු, ලූතිනන් කර්නල්වරුන් තිස් නවදෙනකු, මේජර්වරුන් හැට නවදෙනකු සහ ලූතිනන්වරුන් හැටදෙනකු මේ අනුව උසස් වීම් ලබා ඇත.
අදාළ උසස්වීම් ලැබූ නිලධාරීන් අතර ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැඟී සිටි බි්රගේඩියර් පි්රයන්ක ප්‍රනාන්දු සිටින අතර, ඔහු මේජර් ජෙනරාල් ධුරයට උසස්වීම් ලබා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇත.
