Gossip

විෂබීජ නාශක දියර ඉසීමෙන් වැඩක් නෑ – මෙන්න ඒ හේතුව

විෂබීජනාශක රසායනික දියරයන් නිවෙස් තුළ හා එළිමහනේ ඉසීමෙන් කොරෝනා වෛරසය විනාශ නොවන බවත් එම දියර ඉසීමෙන් හොඳකට වඩා සිදු වන්නේ නරකක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සෙනසුරාදා (16 දා ) අනතුරු අඟවා තිබේ.

ඇතැම් රටවල් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා මහා මාර්ග, පදික වේදිකාවන් මෙන්ම වෙළෙඳපොළවල්වලට විෂබීජ නාශක දියර ඉසීම සිදු කරන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරසය විනාශ කිරීම සඳහා එවැනි ස්ථානවලට විෂබීජනාශක ඉසීම කිසි දිනෙක නිර්දේශ කර නැති බව අවධාරණය කර සිටියි.

‘‘කොරෝනා වෛරසයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමේ පියවරක් වශයෙන් ස්ථාන පිරිසිදු කිරීම හා විෂබීජනාශනය කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති ලේඛනයක මේ බව සඳහන් කර තිබේ. එම ලේඛනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් කර තිබේ. ‘‘වෛරස් විනාශ කිරීම සඳහා නිවෙස් තුළ හා එළිමහන් ප‍්‍රදේශවල විෂබීජනාශක ද්‍රව්‍ය දියර ඉසීම මෙන්ම ධුමායනය කිරීම ප‍්‍රතිඵල රහිත ක‍්‍රියාවකි. එයට හේතු වී ඇත්තේ මෙම විෂබීජනාශක දියර ඉසීම හා ධුමායනය සිදු කිරීමේදී මාර්ගවල හා වෙළඳපළවල පවතින කැළි කසළ මගින් ඒවායේ ක‍්‍රියාකාරිත්වය ඵලරහිත කිරීමයි.

අනෙක් අතට මාර්ග හා පදික වේදිකාවන් කොරෝනා වෛරසය පැතිරවීමේ ආකර ලෙස නොසැලකීම හේතුවෙන් මෙසේ එළිමහනේ විෂබීජනාශක දියර ඉසීම අවශ්‍ය නොවන අතර එම ක‍්‍රියාව මිනිසාගේ සෞඛ්‍යයට දැඩි සේ අනතුරුදායක වෙයි. මෙම දියර ඉසීම මිනිසාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට ද හානි කර වන අතර ඒ හරහා කොරෝනා ආසාදිතයකුගේ කෙළ බිඳිති /නාසයෙන් පිටවන ශ‍්‍රාවයන් හරහා අනෙක් අයට වෛරසය පැතිරවීමේ හැකියාව අඩු වීමක් සිදු නොවේ. විෂබීජනාශක දියර ඉසීම ඇස්වලට මෙන්ම ශ්වසන පද්ධතියට ද හානිකර වන අතර සමේ ආසාදනයන් ඇති වීමට ද එය බලපානු ලබනවා. විෂබීජ නාශක දියර ඇත්තේ කුඩා රෙදි කැබැල්ලකට යොදා ස්ථානයක ඇතිල්ලීමට හෝ එම දියර හෝ කුඩු ස්ථානයකට යොදා අධාරකයකින් (බ‍්‍රෂ්) පිරිසිදු කිරීමට බව එම ලේඛනයෙහි වැඩිදුරත් සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!