රටක යුද්ධයක් මෙහෙයවනවා වගේ ගෝලීය වංසගතයක් පාලනය කරන්න බැහැ.
යුද්ධයකදී අපි දන්නවා ත්රස්තවාදියා කවුද යුද කලාපය මොකක්ද කියලා.
වසංගතයක් පැතිරෙන ස්වභාවය එහෙම කියන්න බැහැ’’ යැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උප ලේකම් නවීන් සොයිසා ඊයේ (19 වැනිදා) එම සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එමෙන්ම දැනට හිස්ව පවතින මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඕනෑම මොහොතක නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හෝ කොවිඩ් – 19 රෝගීන්ට වෛද්‍ය සේවා සපයන රෝහලක් බවට පත් කළ හැකි බව වෛද්‍යවරයා කියා සිටියේය.
එම රෝහලට දැනටමත් රජය විසින් මුදල් ගෙවමින් සිටින නිසා සහ සෞඛ්‍ය සේවා සඳහා රටේ පවතින නීතිය අනුවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කළ හැකි බව වැඩිදුරටත් කියා සිටියේය.