Gossip News

කටුනායකට පැමිණි නිරෝධායනයට අකැමැති වූ මගීන් ආපසු හරවා යවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ කටයුතු සති දෙකක කාලසීමාවක් සඳහා නතර කර පිටත්වීමේ පර්යන්තයෙහි කටයුතු සීමා කිරීමත් සමගම ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ දැඩි පාළු ස්වභාවයක් දිස් විය.

ගුවන් යානා මගින් මෙරටට පුද්ගලයන් ඇතුළු වීම නතර කිරීමට ඊයේ (19වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගනු ලැබුවද ඊයේ සවස් කාලයේදීත් ගුවන් යානා කීපයක්ම මෙරටට පැමිණියේය.

ශ්‍රී ලංකන්, ටර්කිෂ් එයාලයින්, කටාර් එයාවේස් හා එමිරේට්ස් වැනි ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා හතක් මගීන් ද රැගෙන මෙරටට පැමිණියේය. මෙම යානාවන්හි සංක්‍රමණික මගීන් මෙන්ම මෙරටට පැමිණෙන මගීන් ද සැලකිය යුතු ප්‍රමාණයක් විය.

ගුවන් යානයෙන් පිටවන මගීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසු මෙරටට පැමිණෙන මගීන් වෙන් කර හඳුනා ගැනීම සිදු විය. අනතුරුව ඔවුන්ගේ කැමැත්ත පරිදි නිරෝධායන මධ්‍යස්තාන වෙත යොමු කිරීම සිදු කළ අතර ඊට එකඟ නොවන මගීන් නැවත හරවා යැවීම ද සිදුවිය.

ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් ස්වයං නිරෝධායනයට උපදෙස් ලබා දී නවාතැන් ලබන ස්ථාන වෙත යොමු කෙරේ.

පිටත්වීමට හා පැමිණීමට නියමිත ගුවන් යානා වාර රැසක්ම අවලංගු කර තිබූ අතර ගුවන්ගැල් ගම්මානයේ (කාර්ගෝ) කටයුතු ද බොහෝමයක් නතර වී තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!