යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක් අමනුෂ්‍ය බියකින් පෙළෙන්නට පටන්ගෙන තිබෙනවා.
මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්ෂ’ උවදුරකටයි.
යාපනයේ වැසියන් කියා සිටින්නේ මේ අද්භූත යක්ෂයාගේ එක් අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින බවයි. අනෙක් අතේ ද ලේ තැවරී ඇති බවත් මේ යක්ෂයා දුටු බව කියන යාපනයේ බොහෝ අය කියනවා.
මුලදී යක්ෂයා දුටු පිරිස යාපනයේ සෙසු අයට මේ යකා ගැන පවසන ලද අවස්ථාවේදී ඔවුන් අවඥාවට ලක්කළ නමුත් යක්ෂයා දුටු අයකු යාපනයේ ජනමාධ්‍ය වෙත යක්ෂයාගේ ඡායාරූප කීපයක් ඉදිරිපත් කිරීමෙන් පසුව එම යකා ඊට පෙර දුටු පිරිස ද පවසා ඇත්තේ තමන් දුටුවේ ද මේ යක්ෂයාම බවයි.
මුහුණ යාන්තමට දැකිය හැකි නමුත් එය ඉතා පැහැදිලියි. හඳුනාගත නොහැකි මේ යක්ෂයා සුදු වස්ත්‍රයක් මුළු ඇඟපුරාම දවටාගෙන සිටින උස පුද්ගලයකු බව යාපනයේ වැසියෝ කියා සිටිනවා.
පිරිස යක්ෂයා දැක ඇත්තේ අලුයම එකෙන් පසුවයි.
කෙසේ වෙතත් මේ යක්ෂ කතාව නිසා මුලදී බියට පත් නොවූ යාපනයේ ජනතාව යක්ෂයාගේ ඡායාරූප දැකගනීමට ලැබීමෙන් පසුව බොහෝ සෙයින් බියට පත්ව තිබෙනවා.
යළිත් පෙර භූත උවදුර පැවති සමයේදී මෙන් රාත්‍රි කාලයට කවුරුන් කතා කළත් දොරවල් නොඅරින තත්ත්වයටත්, රාත්‍රි කාලයට ගමන් බිමන් නොයැමටත් දැන් යාපනයේ ජනතාව පුරුදු වී සිටිනවා.
