නැවත වාරයක් ගේන්න නියමිත විශ්වාසභංග චෝදනව පිළිබඳව රිෂාද් බදියුදීන් මහතාගේ හිත ගොඩක් රිදිලා තියෙන්නේ. වව්නියාව ප්‍රදෙශයේ පැවති වැඩසටහනකට සහභාගි වුණු ඔහුගෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට මේ විදියට ඔහු උත්තර දීලා තිබුණා.
මම කිසිම වරදක් කරලා නෑ කියලා පොලිසිය කියනවා. පොලිස්පති මම වරදක් කරලා තියෙනවනම් පැමිණිලි කරන්න කියලා දැනුම් දුන්නා. ඒ කාලය ඇතුළත කිසිම වරදක් කරා කියලා ඔප්පු වුණේ නැහැ. එහෙම වෙලත් විශ්වාසභංග චෝදනාවක් ගෙන එනවා නම් එය දේශපාලන පළිගැනීමක්.
කොහොම වුණත් ඔිනෑම අභීයෝගයකට මූණ දෙන්න සූදානම් බව බදියුදීන් තව දුරටත් කියා තිබෙනවා.