Gossip News

අම්මාට සහ පුතාට පාපතරයෙකු කළ අහස පොළව නුහුලන අපරාධය – Photos

කිලිනොච්චිය,ජයන්තිනගර් ප්‍රදේශයේ නිවසකදි මවක් හා පුතෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ(31) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
ඔවුන් පැවසූවේ කිලිනොච්චිය,ජයන්තිනගර් ප්‍රදේශයේ නිවසක තිබි මවකගේ හා පුතෙකුගේ මළ සිරුරු 30 වැනිදා උදැසන සොයාගත් බවයි.
එලෙස ඝාතනය කර තිබුණේ වල්ලිඅම්මා නමැති 70 හැවිරිදි කාන්තාවක් හා ඇයගේ විෂ්ණුගාන්ධි විග්නේශ්වරන් නමැති 34 හැවිරිදි පුතා බවට වාර්තා වෙනවා.
මොවුන් ජීවත්ව තිබුණේ කටු මැටි නිවසක වන අතර ඔවුන්ගේ මළ සිරුරු ඔවුන් ජිවත්වු නිවසේ තිබි හමුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවු පොලිස් නිළධාරීන් ඝාතනයට ලක්වූවන් ජිවත්වු නිවසට අසළ නිවසේ සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබි ජංගම දුරකථනයක්,ඝාතනයට යොදාගත් බවට සැක කරන කම්බියක් සොයාගත් බව පොලිසිය සදහන් කරනවා.
පොලිසිය පැවසුවේ සිරුරු තුළ කැපුම් තුවාල පැවති බවත්,හිස ප්‍රදේශයන්ට පහරදි ඇති ආකාරයක්ද මුලික පරීක්ෂණයන්ගෙන් දැක ගැනීමට හැකි වු බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවට වාර්තා වෙනවා.

ගොඩගත් අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!