Gossip News

අග්නිදිග ආසියානු ජාතින්ගේ සංවිධාන සමුළුවට බෝම්බ ප්‍රහාර – වීඩියෝ

අග්නිදිග ආසියානු ජාතින්ගේ සංවිධාන සමුළුව ඉලක්ක කරගන අද සුළු පිපිරීම් හයක් සිදුවී තිබෙන බවට වාර්තා වෙනවා. ඇමරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම සමුළුව පැවැත් වුණා. එය පැවැත්වෙන අවස්ථාවේදී මෙම පිපිරීම් 6 සිදුවී තිබෙනවා.

එම පිපිරීම නිසා සිව්දෙනෙකු තුවාල ලබා තිබෙන අතර පිපිරීම සදහා යොදාගන තිබෙන බෝම්බ කුඩා ප්‍රමාණයේ ඒවා බව තායිලන්ත පොලීසිය පවසනවා.

නගරය පිරිසිදු කරන කාන්තාවන් තිදෙනෙකු මෙම පිපිරුම නිසා තුවාල ලබා තිබෙනවා.
පළමු පිපිරුම හා දෙවන පිපිරුම උදෑසන 9ට පමණ බැංකොක් නුවර ආසන්නයේ පිහිටි ස්ථාන දෙකකදී සිදුවී ඇති අතර තෙවන පිපිරුම උතුරු ප්‍රදේශයේ අමාත්‍යවරුන් රුස්වන රාජ්‍ය ආයතනයක් ආසන්නයේ සිදුවී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!