Gossip

මාතර පිහි ඇනුමේ ප්‍රධාන සැකකරු භාර වෙයි

මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කළ සැකකරු මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මාතර ඇළවේල්ල හරස් මාර්ගයේදී පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටි පාසල් සිසුන් පිරිසකට තවත් පාසල් සිසුන් පිරිසක් පසුගිය 24වනදා කළ පහරදීමක් අතරතුර පිහි ඇණුමකට ලක් වූ 19 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රවිඳු ගිම්හාන් නැමති සිසුවෙක්.

කෙසේවෙතත් ඝාතනය සිදු කළ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර අද (26) එම ප්‍රධන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වි තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05ක් විවිධ ප්‍රදේශ වලට යොමු කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!