මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට විජේරාමේ පිහිටි නිල නිවසේදී මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇති බවට වාර්තා වනවා.
මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රිවරුන් අතර හමුවක්ද අද (15) උදෑසන පැවැත්වුණු අතර එහිදී සිය ඉල්ලා අස්වීම පිලිබදව නිල වශයෙන් මන්ත්රි කණ්ඩායමට දැනුම් දී ඇති බවටයි පැවසෙන්නේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද දිනය තුලදී විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
