Gossip

විනිශ්චයකරුවන් අසරණ වෙයි – ප්‍රථම වතාවට රියැලිටි වේදිකාවක් උණුසුම් වූ හැටි මෙන්න

මේ වෙද්දි රියැලිටි තරඟ බොහොමයක් ඔබට දැකගන්නට ලැබෙනවා. එහෙත් අනෙක් හැම රියැලිටි තරඟයකටම වඩා වෙනස් තරඟයක් තමයි දෙරණ නාලිකාවේ විකාශය වන 60+ කියලා කියන්නේ.

මොකද අපේ රටේ වැඩිහිටි පරම්පරාවට ඔවුන්ගේ හැකියාව ලෝකයටම පෙන්වන්න මාර්ගයක් තිබ්බේ නෑ. ඒ මාර්ගය පෙන්නලා දුන්නේ ටීවී දෙරණින්.

ඉතින් 60+ දෙවන තරඟාවලිය මේ වෙද්දි ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගන්නවා.

තරඟකරුවන් 72 කින් අවසන් 48 දෙනෙකු තෝරාගන්නා වටය තමයි මේවනවිට පැවැත්වෙන්නේ.

මෙම තරඟ වටයේදී දිනකදී සාමාන්‍යයෙන් තරඟකරුවන් 06 දෙනෙක් තරඟ වදින අතර එම 06 දෙනා අතරින් තරඟකරුවන් දෙදෙනෙකු ඉවත් වනවා. තරඟකරුවන් 04 දෙනෙකු ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබනවා.

හැබැයි මේ තරඟයේදී තරඟකරුවන් 06 දෙනාම ඉදිරි වටයට යන්න සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.

මේ ඉරිදා දහවල් 11ට ටීවී දෙරණ හා එක්වන ඔබට මේ අපූරු අවස්ථාව බලාගන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!