මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පලාගිය අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවට පුවත් පැතිර යනවා.
පසුගිය 6 වැනිදා ඩුබයි පොලිසිය විසින් අංගොඩ ලොක්කාව අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.
මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බනන්ධයෙන් අපරාධ රැසක් පිළිබඳව අංගොඩ ලොක්කාට චෝදනා එල්ලවී තිබෙනවා.
තවද පාතාල නායක මධූෂ් සබඳතා පැවැත්වූ මෙරට සිටින පාතාල සාමාජිකයන්ද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ දිනවල සිදුකෙරෙනවා.
