Gossip

“ළඟින් ඉඳන් හැමදේම කියලා දෙනවා” – දෙවැනි ඉනිමේ ධනුකට පෙම් බඳින අරුණිගේ සැබෑ පෙම්වතා කවුද..?

2017 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්නා උපේක්ෂා ඉෂානි විජේතුංග රංගනයට ප‍්‍රවේශ වන්නේ දෙරණ රූපවාහිනිය හරහායි. දෙවෙනි ඉනිමේ අරුණිගේ චරිතයෙන් එක රැයකින් ජනප‍්‍රිය චරිතයක් වන ඉෂානි අද වනවිට තම රංගන දිවියේ තවත් ඉදිරි පියවරකට ප‍්‍රවිෂ්ට වී සිටිනවා.
මේ සියළු දේ ගැන අරුණි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඉෂානිගේ හිතේ කොතැනක හෝ තිබුණාද අද වැනි දවසක් උදාවෙයි කියලා ?
හිතුවේම නැති දෙයක් වුණේ. මම කවදාවත් හිතුවේ නැහැ මට රගපාන්න ලැබෙයි කියලා. රගපාන්න ආවට පස්සේ තමයි දැනුණේ රගපාන එක පහසු දෙයක් නෙවෙයි කියලා.
මට තවමත් හිතෙන්නේ නැහැ මම හරියටම රගපානවා කියලා.

ඉදිරි කාලයේ ඔබට ලැබෙන චරිත භාරගන්නේ කිසියම් ස්ථාවරයක ඉදන්ද ?
වෙනස් චරිත කරන්න ආසයි. හැබයි මට ගැළපෙනවද කියල බලලා තමයි චරිතය තෝරගන්නේ. චරිත වලදි මම කොට ඇදුම් අදින්නෙ නැහැ කියලා තීරණයක ඉන්නවා. එවැනි වූ මගේ සීමාවන්ගේ ඉදන් තමයි වැඩ කරන්නේ.

කෙනෙකුට කලාතුරකින් ලැබෙන චරිතයකදී පවා ඔබ ඔය සීමාවන් තුළම ඉන්නවාද?
ඔව්. මම අත්හරිනවා. මගේ පවුල් පසුබිමත් එකක් මට කොහොමත් එහෙම දෙයක් කරන්න බැහැ.

ඉෂානිට සිනමාවෙන් තවම ඇරයුමක් ලැබුණේ නැතිද ?
සිනමාවට යන්නත් ආසාවක් තියෙනවා. නමුත් මට හදිස්සියක් නැහැ. රංගනය ගැන හොදට ඉගෙනගෙන පුහුණුවෙලා සිනමාවේ රගපාන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවා.
ඒත් දෙවෙනි ඉනිමේ රගපාන්න එන්න කලින් මට චිත‍්‍රපටයක රගපාන්න ඇරයුමක් ලැබුණා. ඒ කාලේ රගපාන්න හිතාගෙනවත් හිටිය නැතිනිසා ඒ අවස්ථාව මගහැරී ගියා.

තවමත් ඉෂානිව රසිකයන්ට දකින්න වරම් ඇත්තේ දෙවෙනි ඉනිමෙන් පමණද ?
මට නිළියක් වෙන්න අවස්ථාව උදාවෙන්නේ දෙවෙනි ඉනිමේ අරුණිගේ චරිතයෙන්. ඒ අනුව අපි කිසියම් කාලයක් එම ආයතනය සමග පමණක් රංගන කටයුතු කරගෙන යායුතුව පවතිනවා.
දැන් ඒ කාලය තුළ ලැබුණ නිර්මාණ භාරගත්තේ නැහැ. දැන් ඒ කාල සීමාව අවසන්. මේ දිනවල තවත් ටෙලි නාට්‍යයක රංගන කටයුතු වල යෙදෙනවා.

ඒකෙත් ඉෂානි රගපාන්නේ පෙම්වතියගේ චරිතයමද?
මට ලැබී තියෙන්නේ එම ටෙලිනාට්‍යයේ දෙවෙනි චරිතයක්. පෙම්වතිය තමයි. හැබැයි ඒක වෙනස්ම ආකාරයේ චරිතයක්.

ජනප‍්‍රියත්වය ඉෂානිගේ දිවියට බලපෑවේ කොහොමද ?
ජනප‍්‍රියත්වය කියන්නේ අමුතුම දෙයක්. වෙලාවකට පුදුමත් හිතෙනවා. මෙය කෙනෙකුට ලේසියෙන් ලබන්න පුළුවන් දෙයකුත් නෙවෙයිනේ.
ජනප‍්‍රියත්වය නිසා මම කියන කෙනා නම් වෙනස් වෙලා නැහැ. හැබැයි දැන් පාරතොටේ යද්දි මිනිස්සු එක්ක කතානොකර යන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

ඉෂානිව රූපවාහිනී වැඩසටහන්වල නොදකින්නේ ඔබ ඒවා ප‍්‍රතික්ෂේප කරන නිසාද ?
නැහැ. බොහෝ අවස්ථාවට එම වැඩසටහන්වලට මට ආරාධනා කරන දවසට යන්න බැරිවෙන අවස්ථා උදාවෙලා තියෙනවා. මට නිදහසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒවාට යනවා.

ඉෂානිට වැඩියෙන්ම ප්‍රෙක්ෂක ප‍්‍රතිචාර ලැබී තියෙන්නේ කවදාද ?
දෙවෙනි ඉනිමේ ධනුක අරුණිට ආදරෙයි කියපු දවසේ ගොඩක් ප‍්‍රතිචාර තිබුණා. එදා ෆෝන් එකට නිදහසක් නොලැබෙන තරමට දුරකථන ඇමතුම් ආවා.

දෙවෙනි ඉනිමේ ඔබගේ පෙම්වතා වන දේව් එක්ක කැමරාවෙන් මෙපිට ඔබගේ බැදීම කෙබදුද?
දේව් අයියා සහෝදරයෙක් වගේ. ළගින් ඉදලා නංගි මේ දේ මෙහෙම වෙන්න ඕනෑ කියලා කියලා දෙනවා. මට වැඩියෙන්ම රගපාන්න තියෙන්නේ දේව් අයියා එක්ක. අයියා මට ගොඩක් උදව් කරනවා.

අලූත් අයට කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තක්ද ?
මම දැනුවත්ව නම් මට කැපිලි නැහැ. ඇත්තටම මේක ඇතුලේ ඉන්නවා කියන එක හරි අමාරු වැඩක්.
එක එක්කෙනාට අනිත් අය එක්ක පොඩි පොඩි ප‍්‍රශ්න තියෙනවා. මට නම් තවම එහෙම ප‍්‍රශ්න උදාවෙලා නැහැ.

ඉෂානි කටකතාවලින් සැලෙන කෙනෙක්ද ?
අපෝ නැහැ. කටකතා මට තාම හැදිලත් නැහැ. ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒ ගැන මම තකන්නෙත් නැහැ.

මේ වෙද්දි ඔබ කාගේ හෝ පෙම්වතියක්ද ?
නැහැ. මම පෙම්වතියක් නෙවෙයි.

ඉෂානිගේ පවුලේ තොරතුරු ?
මගේ තාත්තා නාවික හමුදා නිලධාරියෙක්. තාත්තා නැතිවුණේ මම කුඩා අවධියේමයි. අම්මි තමයි මගේ ළගින් ඉන්නේ.

ඉෂානිගේ ආදරයට අයිතිකරු වෙන කෙනාට තිබිය යුතු සුදුසුකම් මොනවාද?
පොඩිකාලේදීම මට මගේ තාත්තිගේ ආදරය අහිමි වුණා. මට තාත්ති කෙනෙකුගෙන් ලැබිය යුතු ආදරය රැකවරණය ලබාදිය හැකි කෙනෙක්වයි මම පතන්නේ.

මේ ජනප‍්‍රියත්වයත් එක්ක එවැනි අයගෙන් ඇරයුම් ලැබෙනවා ඇතිනේ ?
ගොඩක් යෝජනා එනවා. හැබැයි මේ රූපයට ජනප‍්‍රියත්වයට ආදර කරන කෙනෙකුට මම කැමැති වෙන්නේ නැහැ.

උපුටා ගැනීම – ධම්මිකා සුරංජි පතිරණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!