Gossip

“ෆේස්බුක් සොමියට ආපු තරුණියන්ගේ බෑග්වල උපත් පාලක කොපු” – හිඟරක්ගොඩ ෆේස්බුක් සොමියේ තවත් තොරතුරු එළියට

හිඟුරක්ගොඩ පිහිටි හෝටලයක පැවැති ඒ සාදයට දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි පිරිස 89 දෙනෙකි.
අවුරුදු 20 ත් 35 ත් අතර වයස්වල පසුවූ බව කියන මොවුහු කොළඹ, දෙහිවල, ගල්කිස්ස, හෝමාගම, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, තඹුත්තේගම, කැකිරාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව ආදි විවිධ ප‍්‍රදේශවලට අයත් වූහ.
මුහුණු පොතේ ඇතැම් මිතුරු සමාජ මගින් සංවිධානය කරනු ලබන බව කියන මෙවැනි මත්ද්‍ර‍්‍රව්‍ය සාද මාසයකට වතාවත් පැවැත්වෙන බව කියයිි.
එක් සාදයක් පවත්වා එය නිමවූ පසු හෝ ඊට ආසන්න දිනෙක පටන් ඊළඟ මත් සාදය සඳහා මිතුරු මිතුරියෝ සංවිධානය කරන බවද දැන ගන්නට ලැබිණි. ඉකුත් ඉරිදා (03 දා) අලූයම පොලිසියට කොටු වූ 89 දෙනාගේ මත්ද්‍රව්‍ය සාදය ද එලෙස සංවිධානය වූවකි.
කෙසේ හෝ ඒ ආරංචිය පොලිසියේ ද කනවැකී තිබිණි. ඒ නිසා මීට පෙර දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ගොස් පවත්වා විසිර ගිය ෆේස් බුක් පාටියට වඩා මෙය හාත්පසින්ම වෙනස් වූයේ මිතුරු මිතුරියන් 89 දෙනකුට ෆන් එක අතරමඟ නවතා පොලිසියටත් ඉන් අනතුරුව අධිකරණයටත් පසුව පිරිසකට අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාරගත වීමටත් සිදුවීමයි. රිමාන්ඞ් භාරයට පත් නොවූ පිරිසට නැවත අධිකරණයට ඉදිරිපත් වන ලෙස නියෝග කර දිනයක් ලබා දුන් අතර එතෙක් එක් අයකු රුපියල් 25000 බැගින් වන ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.
නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරමින් නානාවිධ මත්පෙති මත්කුඩු ඇතුළු නව මත්ද්‍රව්‍ය වර්ග අලූතින් හඳුන්වා දෙමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ඉතාමත් රහසිගතව පවත්වා ඇති මේ ෆේස් බුක් සාදය පොළොන්නරුවේ හිඟුරක්ගොඩදී මෙලෙස පොලිසියට කොටුවන්නේ ඒ පිළිබඳව කල්වේලා ඇතිව පොලිසිය දැන සිටි නිසාවෙනි.
එය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ පොළොන්නරුව ගිරිතලේ ප‍්‍රදේශයේ හෝටලයකය. පොලිසියට තොරතුරු ලැබුණේ ද ෆේස් බුක් සාදයක් ගිරිතලේදී පවත්වන්නට නියමිතව තිබෙන බවයි. සංවිධායකවරු මුහුණු පොතේ තම මිතුරු මිතුරියන්ට දැනුම්දී තිබුණේ ද ඒ අන්දමටය.
පොලිසිය කල්වේලා ඇතිව සැලසුම් කර ගිරිතලේ පිහිටි අදාළ හෝටලය දෙස ඇස ගසාගෙන සිටියේය. සවස 5.30, 6.00 පමණ වනවිට තරුණ ජෝඩු සහ එක්කෙනා දෙන්නා හෝටලය වෙත ඇදී එන්නට වූහ. එහෙත් මෙහි එවැනි සාදයක් සඳහා සූදානම් වන බවක් පෙනෙන්නට නොතිබුණි. අඳුර වැටෙමින් තිබියදී සංවිධායකවරු දැනුම් දුන්නේ නියමිත සාදය හිඟුරක්ගොඩ පිහිටි හෝටලයක පවත්වන්නට හදිසියේ තීරණය කළ බවයි. ඒ අනුව සාදයට සහභාගි වන්නට පැමිණ සිටි පිරිසට මෙන්ම වෙස් වළාගෙන එහි රැඳී සිටි පොලිස් කණ්ඩායමට ද හිඟුරක්ගොඩ බලා යෑමට එවෙලේ සිදු විය.
රාත්‍රී 8.00 8.30 වනවිට හිඟුරක්ගොඩ හෝටලයේ සාදය ඇරඹුණු අතර එහි ඇතුළුවීම සඳහා එක් සාමාජිකයකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 2500 කි. පොලිසියට ද උපාය දූතයකු එහි ඇතුළු කරවීමට ඒ මුදල ගෙවීමට සිදු විය. ?
මැදියම වනවිට ෆේස් බුක් සාදයේ උච්ච අවස්ථාව එළැඹි තිබිණි. උපාය දූතයා විසින් ලබාදුන් සංඥාවකට අනුව පොලිසිය ක්‍රියාත්මකවී මෙහෙයුම ආරම්භ කළේය.
එය කෙතරම් සූක්‍ෂ්ම ලෙස කි‍්‍රයාත්මක කළේද යත් මත් සාදයේ සිටි බොහෝ දෙනකු අවසාන මොහොත තෙක් පොලිසිය පැමිණ එක්කෙනා දෙන්නා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටි බවක් දැන සිටියේ නැත.
ඇතැම් විට ඔවුන් භාවිත කර තිබූ විවිධ මත්ද්‍රව්‍ය වර්ග නිසා එවේලේ සිටියේ පියවි ලෝකයේ නොවන නිසා ද වන්නට පිළිවන. කෙසේ නමුත් එසේ අත්අඩංගුවට ගත් පිරිස කණ්ඩායම් වශයෙන් ජීප් රථවල නංවා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන යෑමට පියවර ගනු ලැබීය.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ නීතිවිරෝධි විවිධ මත්ද්‍රව්‍ය අතර හෙරොයින් මත්කුඩු, කේරළ ගංජා, අයිස්, මත්පෙති වර්ග, ගංජා සහ අබිං වැනි ගුලි වර්ග ද, මත්වීම සඳහා දිවේ අලවනු ලබන මුද්දර නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ආදිය ද තිබූ බව පොලිසිය පැවැසීය.
එහි විමර්ශන කටයුතු සිදු කළ පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කළේ නොයෙකුත් වර්ණවලින් යුත් මත්පෙති තමන් මීට පෙර දැක නොතිබූ බවයි.
මත් සාදය පැවැති ස්ථානයට ඇතුළු වීම සඳහා අය කරන ලද රුපියල් 2500 මුදලට අමතරව ඒ මත්ද්‍රව්‍ය තමන්ට අවැසි ආකාරයට වෙනමම මුදල් ගෙවා ලබාගත යුතු බවත් ඒ සඳහා රුපියල් දහස් ගණනින් අය කර තිබූ බවත් දැන ගන්නට ලැබිණි.
මේ අතර මුහුණු පොතෙන් මිතුරු වී මේ මත් සාදයට සහභාගි වී සිටියදී පොලිස් අත්අඩංගුවට පත් තරුණියන් දෙදෙනකු සන්තකයේ මත්කුඩු සහ මත්පෙති තිබී සොයා ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව තවත් පිරිමින් දෙදෙනකු සතුව ද එවැනිම මත්ද්‍රව්‍ය තිබූ බව පොලිසිය කීය.
මත්ද්‍රව්‍ය සාදයට එක්වී සිටියේ තරුණියන් 06 දෙනෙක් බවත් ඔවුන් සතුව මත්කුඩු පෙති ඇත්දැයි ඔවුන්ගේ ගමන් මලූ පරීක්‍ෂා කිරීමේදී උපත් පාලන කොපු තිබී හමුවූ බවත් පොලිස් නිලධාරීහු කීහ. මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය සාදවලට සහභාගි වන්නේ තවත් අරමුණු ඇතිවද යන්න මේ තුළින් සැකයක් මතුවන බවද ඔවුහු පැවැසූහ.
ෆේස් බුක් මිතුරු සමාජ සාද තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ ලිංගික වෙළෙඳාම ද ගම්බද ප‍්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට දරන වෑයමක් විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
ඒනිසා විෂබීජ ගම්වලට පැතිරෙන්නට ඉඩ නොදී වළක්වා ගන්න ඕන යැයි ද ඒ සඳහා සමාජයේ සියලූ දෙනාගේ සහාය අවශ්‍ය බව හෙතෙම පැවසීය.
අප ඉහතින් සඳහන් කළ පරිදි මේ ෆේස් බුක් මත් සාදය පිළිබඳ තොරතුරු කලින්ම ලැබී එය වැටලීම සඳහා පොලිසිය මනා ලෙස සැලසුම් කර සූදානමින් සිටියේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයුමෙන් එය සිදු කෙරිණි. වැටලීම සිදු කළ පොලිස් කණ්ඩායමේ මූලිකත්වය ගෙන කි‍්‍රයාකර ඇත්තේ මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී. යූ. ඒ. ඩබ්ලිව්. පිටිගල මහතායි. අවට පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් වන හිඟුරක්ගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද වෛද්‍යතිලක, දියබෙදුම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක උපුල් දොළකඳුර, පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. ඩබ්ලිව්. ජේ. තුෂාර, උතුරු මැද පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ඒ. චන්ද්‍රසේකර , පොලිස් පරීක්‍ෂක තේමියදාස් යන පොලිස් නිලධාරීන් ප‍්‍රමුඛ 40 දෙනකුගෙන් පමණ යුත් පොලිස් කණ්ඩායමක් ඊට දායක වී තිබිණි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වමින් සිටි පිරිසක් එකම ස්ථානයකදී අත්අඩංගුවට පත් මෑත කාලයේ ප‍්‍රථම අවස්ථාව මෙය බව වැටලීම සිදු කළ ඒ පොලිස් නිලධාරීහු පැවැසූහ.
ෆේස් බුක් මිතුරු සමාජයේ මත්ද්‍රව්‍ය සාදයට සහභාගි වී සිටි තරුණියන් 06 දෙනා ඇතුළු එහි සාමාජිකයන් 89 දෙනාම සහ ඒ සාදය පැවැති හෝටලයේ කළමනාකරු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මේ 90 දෙනා අතුරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන තරුණියන් දෙදෙනකු සහ තවත් ෆේස් බුක් සාමාජිකයන් දෙදෙනකු සහ හෝටලයේ කළමනාකරු හිඟුරක්ගොඩ වැඩ බලන මහෙස්ත‍්‍රාත් ශිරන්ති වැරැල්ලගම මහත්මිය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරනු ලැබුවාය. සෙසු 85 දෙනා එක් අයකුට රුපියල් 25000 බැගින් වන ශරීර ඇප මත මුදාහැර මේ මස 27 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කෙරිණි.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කුරුණෑගල සහ කැකිරාව යන ප‍්‍රදේශවල පදිංචි තරුණියන් දෙදෙනකු සහ හිඟුරක්ගොඩ , මින්නේරියේ පදිංචිකරුවන් ය.
වර්තමාන සමාජයේ විශේෂයෙන් තරුණ පිරිස් ඇතුළු තවත් බොහෝ දෙනා අතර භාවිත කෙරෙන ප‍්‍රකට මාධ්‍යයක් ලෙස මුහුණු පොත හැඳින්විය හැක.
ඒ තුළින් දැන හැඳින ගන්නා මිතුරු මිතුරියන් සාමූහිකව හෝ තනි තනිව එකිනෙකාට උදව් උපකාර කරමින් සමාජ යහපතට කි‍්‍රයා කරන බවද නොරහසකි. මේ නව මාධ්‍ය නොව කුමන මාධ්‍යයක් තුළින් වුවද ජන සමාජයට අහිතරක දෑ සිදුවන්නේ නම් එය ඉතා බරපතළ කාරණයෙකි.
ඊට හේතුව නිසි ප‍්‍රමිතියක් නොමැතිවීම බව අවිවාදිතය. සමාජයේ කවුරුන් වුවද, කුමන තරාතිරමක අයෙක් වුවද රටට සමාජයට අහිතකර දේ සිදු කරයි නම් එය පිටුදැකිය යුතුය. මුහුණු පොත තුළින් දැන හැඳින ගොඩනඟා ගත් මිතුරු සමාජයක් විසින් ඈත දුෂ්කර පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වන ලද ඒ සාදය වටලා ඊට සම්බන්ධ පුද්ගලයෝ 89 දෙනකු සහ අදාළ හෝටලයේ කළමනාකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කිරීම පැසසිය යුතු ක්‍රියාවකි. පොලිසිය පවා මෙතෙක් ජීවිතේට දැක නැති නීති විරෝධී විෂ මත්ද්‍රව්‍ය ගම්වලට ද රැගෙන ගොස් හඳුන්වාදී සමාජ හර පද්ධතීන් සුනු විසුණු කරවන අවර ගණයේ මෙවැනි කි‍්‍රයා තවදුරටත් කරන්නට ඉඩ නොදී එයට වැට බැඳීමට සමාජයේ සියලූ කොටස් පෙරමුණ ගත යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!