Gossip

“එයා මට නළු පාට් දාලත් නැහැ. විශ්වාස කරලා දේවල් දීලා තිබෙනවා. ඒවා ආයෙත් ලැබිලා නෑ. ගැහැණියක් වුණාම මෝඩ සහ ඉක්මන් වෙන්න හොඳ නැහැ”

රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීය ජනප්‍රිය යුවළක්.
ඔවුලේ කැඳැල්ලේ අලුත්ම තොරතුරු ගැන රිද්මා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
ඒ කාලේ එයා හරියට කියවනවා. මට පොඩි දරුවෙක්ට වගේ හැමදේම කියලා දෙනවා.

පෙම්වතා වුණාම?
හරි දඟයි. හරියට විහිළු කරනවා. සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. හැමෝම එක්කම එහෙම තමයි.

සැමියෙක් විදියට රොෂාන්?
දැන් මම තමයි ගොඩක් කියවන්නේ. එයා හරියට වගකීම් ඔළුවට අරගෙන කටයුතු කරනවා. හැමදෙයක්ම මට කියනවා.හරිම සහයෝගයෙන් අපි ඉන්නේ.

ජනප්‍රියත්වයත් එක්ක ඔහුගේ චරිතය?
එයා මට නළු පාට් දාලත් නැහැ. එයා බොහොම සාමාන්‍ය විදියට ඉන්නවා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපෑවේ කොහොමද?
කොහේ ගියත් කට්ටිය ඇවිත් කතා කරනවා. ෆොටෝස් ගන්නවා. තරුණියන්ගේ ආකර්ශණයනම් ගොඩක් තියෙනවා. මට ගොඩක් සතුටුයි එයා ගැන.
ඒ ජනප්‍රියත්වය අපට කිසිම බාධාවත් නැහැ.

සාමාන්‍ය ජීවිතයේදී ඔහු කොයි වගේ කෙනෙක්ද?
ගොඩක් සරළයි. ගෙදර හැම දෙයක්ම අපි දෙන්නම කරගන්නවා. මට උයන්න වුනත් එයා උදව් කරනවා.
භාවනා කරනවා.බුදු පහන තියලා තමයි හැම වැඩක්ම පටන්ගන්නේ.එයා මට හුඟක් ගෞරව කරනවා.

වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්. එලියෙන් පේන චරිතෙට වඩා හොඳට වගකීම් දරන්න පුළුවන් කෙනෙක් එයා.

රංගනයේ කාර්යබහුලත්වයත් එක්ක ඔහුට ඔබ සහ පවුල මඟහැරුණු අවස්ථා නැද්ද?
ඔහු ගොඩක් කාර්යබහුලයි. නමුත් ඔහුට අපිව මඟහැරිලා නැහැ. රූගත කිරීම්වලදි විවේකයක් ලැබුණාම මට කෝල් කරනවා.
හැම මාසේම අපේ අම්මා තාත්තා බලන්න යනවා. පවුලට හරිම ළැදියි.

ජීවිතයේ ඔහුට මඟහැරුණු දේවල්?
මම හිතන්නේ එයාට ඕන තැන එයා අද ඉන්නවා.කිසිම දෙයක් එයාට මඟහැරිලා නැහැ.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?
මම හිතන්නේ මට. ඒ වගේම එයාගේ අම්මට.

ඔහුට අහිමි වුණු දේවල්?
මිනිස්සු විශ්වාස කරලා දේවල් දීලා තිබෙනවා. ඒවා ආයෙත් ලැබිලා නෑ. හැබැයි එයා ඒ දේවල් ගැන හිතන් නැ.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන කෙනෙක්ද? සිීරියස් විදියට හිතන කෙනෙක්ද?
අපේ ජීවිත සරලයි. ඒත් දැන් කලින්ට වැඩිය ටිකක් හොඳට දේවල් ගැන හිතනවා.
විවාහ වෙන්න කලින් බොහොම සැහැල්ලුවෙන් තමයි එයා ඒ දේවල් ගැන හිතුවේ.

රොෂාන් වැඩිපුරම සතුටු වුණු දවස?
මම හිතන්නේ මම ආදරෙයි කිව්ව දවස වෙන්න ඇති. ගොඩක් ලොකු කට්ටක් කෑවා ඉතින් මගේ ආදරේ වෙනුවෙන්.

රොෂාන්ට දුකක් හිතුනාම?
ඇස්වලට පොඩි කඳුලක් එනවා. හැබැයි ඒක දකින්නේ මම විතරයි. අනෙක් අයට ඒ දුක පෙන්නනේ නැහැ.

රොෂාන් ගැන නරක ආරංචියක් ආවොත් මොකද කරන්නේ?
මම අපි දෙන්නා සහ පවුලේ අය ඇරුණම වෙනත් තුන්වැනි පාර්ශවයකින් කියන දෙයකට ඇහුම්කන් දෙන්නෙ නැහැ.
ගැහැනියක් වුණාම මෝඩ සහ ඉක්මන් වෙන්න හොඳ නැහැ. තමන් ළඟ ඉන්න පුද්ගලයා ගැන අනෙක් අයට වඩා හොඳටම දන්නේ තමන්. ඉතින් ඒ එන ආරංචිය ගැන හොයලා බලනවා. ඒත් රොෂාන් ගැන කවදාවත් වැරදි ආරංචි එන්නේ නැහැ.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!