Gossip

මඩකලපුවේ පොලිස් නිළධාරීන් මියයාම පිටුපස ඉන්නේ කවුද?

මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත්තේ ටී. 56 ගිණි අවියකින් වෙඩි තැබීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පිළිබඳව සැක සංකා මතුවන බව එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියා.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, තමා මඩකළපුවේ කරුණා අම්මාන් බව පවසමින් පසුගියදා ට්විටර් පණිවුඩයක් මගින් තර්ජනාන්විත නිවේදනයක් නිකුත් කර තිබූ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

එම ට්විටර් පණිවුඩය මගින් කරුණා අම්මාන් පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බවත්, 2004 පෙර තමා කවර ගණයේ පුද්ගලයෙකුද යන්න මතක් කරගන්නා ලෙසත්ය

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ පසුගිය වසර තුන හමාරේදි මෙවැනි සිද්ධියක් වාර්තා නොවූ බවත්,මෙම ඝාතනය පිටුපස කරුණා අම්මාන් සිටින බව තමන් සැක සහිත බවයි.

එබැවින් වහාම මෙම සිදුවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!