Gossip

මඩකලපුවේ පොලිස් නිළධාරීන් මියගියේ වෙඩි තැබීමකින්? ඉන්දිකට සහ ගනේෂ්ට වෙඩි තිබ්බේ කවුද? – ඡායාරූප සහිතයි

මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙම නිලධාරීන්ගේ මෘත ශරීර අද(30) උදෑසන 6ට පමණ සොයා ගැනුණා.

කෙසේවෙතත් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්විත කණ්ඩායමක්, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මඩකළපුව බලා පිටත්ව ගියබව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් දිනේෂ් (25) නම් පොලිස් නිලධාරීන් දෙදෙනායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!