Gossip

අද සවස තීරණාත්මක වෙයිද?

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් දැරීමට කිසිම ලේකම්වරයෙකුට අවස්ථාවක් නොමැති බවට සඳහන් වූ යෝජනාව ඡන්ද 122කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවනවා. අද පෙරවරුවේදී මෙම හමුව පවත්වා තිබුණා.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමු සඳහා වෙලාවන් වෙන් කර ඇති බවටත් වාර්තා වනවා.

කෙසේවෙතත් අද සවස තීරණාත්මක වනු ඇති බවටයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!