Gossip

කාන්තාවක් පැදවූ මෝටර් රථය තරුණයෙක්ගේ සිරුර මතින් යයි – තරුණයා අවසන් ගමන් යයි

කාන්තාවක්‌ පැදවූ මෝටර් රථයකට යටවීමෙන් බොරළුගොඩ, පෝරුවදණ්‌ඩ ප්‍රදේශයේදී තරුණයකු ජීවිතක්‌ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ පෝරුවදණ්‌ඩ, කොස්‌හේන පදිංචි ගයෂාන් විමුක්‌ති විඡේතිලක නම් 24 හැවිරිදි තරුණයෙක්.

සිද්ධියෙන් මියගොස්‌ ඇති තරුණයා තවත් මිතුරන් දෙදෙනකු ද සමඟ යතුරුපැදි දෙකකින් හොරණ සිට ඉංගිරිය දෙසට පැමිණ ඇති අතර, එම යතුරුපැදි දෙක එකිනෙක පැටළීමෙන් පෙරළී තිබේ. ඒ මොහොතේ ඉංගිරිය සිට හොරණ දෙසට යැමට පැමිණි මෝටර් රථයක්‌ මෙම තරුණයාගේ සිරුර මතින් ගමන් කර ඇති අතර, ඔහු සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක්‌ තරුණයන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, මෝටර් රථය පැදවූ කාන්තාව ද අධික රුධිර පීඩනය හේතුවෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!