Gossip

පිහිය නිල්වලා ගඟට විසි කළා – ඇඳන් හිටපු ඇඳුම් කිරඹආර ගඟට විසි කළා – ගෙදර කට්ටියට ප්‍රශ්නයක් වෙයි කියලා කිව්වේ නැත්තේ – මාතර සිසුවාට පිහියෙන් ඇන්න සිසුවා පොලිසිය රවටයි

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා පරස්පර ප්‍රකාශ සිදුකරන බව පොලිසීය ඊයේ (29) තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ ඝාතනයට යොදාගත් පිහිය සොයාගැනීම සඳහා එය සැඟවූ බව කියන ස්ථානය වෙත ඔහු රැගෙන යාමෙන් පසුවයි.‍ෙ

ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි ජාතුං කංකානම්ලාගේ සිතිජ සෞන්දර්ය නමැති සිසුවා විසින් ඝාතනයට යොදාගත් පිහිය පොලිස් බාරයට ගැනීම සඳහා එය සැඟවූ බව කියන ස්ථානය වෙත සිසුවා කැටුව යාමට පොලීසිය අධිකරණයෙන් අවසර ගනු ලැබුවේය.

ඒ අනුව අද උදෑසන 11 ට පමණ පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රධාන සැකකාර සිසුවා මාතර බන්ධනාගාරයේ සිට මාතර නාදුගල බන්ඩත්තර පාලම අසලට රැගෙන ගියේය.

ඒ ඝාතනය සඳහා උපයෝගි කර ගත් පිහිය බන්ඩත්තර පාලම අසලින් නිල්වලා ගඟට විසිකළ බවට සැකකරු කළ ප්‍රකාශයක් අනුවයි.

කෙසේවෙතත් පිහිය එම ස්ථානයෙන් හමු නොවූ අතර , ඝාතනයෙන් අනතුරුව සැකකරු සැඟව සිටි බව පැවසු විටියල ප්‍රදේශයේ කුරුඳු ඉඩම වෙතද පොලීසිය ඔහුව රැගෙන ගියේය.

එහිදි සැකකාර සිසුවා ප්‍රකාශ කළ පරිදි නැවතත් ඔහු සැගව සිටි බව ප්‍රකාශ කළ අදාළ කුරුඳු ඉඩමට යාබදව පිහිටි පෞද්ගලික උපකාර පන්තියක් වෙත ඔහුව කැඳවා ගෙන යනු ලැබුවේය.

උපකාරක පංතියකට යමින් සිටි සිසුවාට පිහියෙන් ඇන ඝාතනය සිදුකළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු ඇඳසිටි ඇදුම් සගවන ලද බව කියන ස්ථානය නිරීක්ෂණය කිරීමටද පොලීසිය පියවරගත්තේය.

එහිදි සැකකාර සිසුවා ප්‍රකාශ කළේ තමන් නිල්වලා ගඟේ අතුගංඟාවක් වන කිරමආර ගඟට එම ඇඳුම් සහ බෑගය විසිකළ බවයි.

කෙසේ වෙතත් අදාළ සැකකාර සිසුවා පෙර ලබාදුන් ප්‍රකාශයට පරස්පර ප්‍රකාශ සිදුකරන බව පොලිසීය අද තහවුරු කරගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!