Gossip

“මට කාගෙවත් ආදරයක් මගේ කරගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.. හැමදේටම මුහුණ දෙන්න මම සූදානම්”

ධනුක දිල්ෂාන් කියන්නේ මියුසික් වීඩියෝ කලානේ රසික හදවත් දිනාගෙන පුංචි තිරයේ ආදරණීය පෙම්වතා බවට පත්වුණු චරිතයක්.
ධනුක සිනමාවට අවතීර්ණ වුණේ මෙගා ටෙලි නාට්‍ය කලාවෙන් සමුගන්නවා කියලයි.
කොහොම වුණත් වෘත්තීය වශයෙන් ජීවිතේ වෙනස් වෙද්දි ධනුකගේ පෞද්ගලික ජීවිතෙත් එක එක සිදුවීම් පසුගිය කාලේ පුරාම සිද්ධ වුණා.
මේ ඒ හැමදේම ගැන ධනුක සතිඅන්ත පුවත්පතකට කිියපු කතාවක්.

ධනුක ආයෙමත් අමතකව ගිය පෙම් කතන්දරේ පටන් අරගෙන වගේ?
මොන පෙම් කතන්දරේ ගැන ද ඔය කියන්නේ මට මේ ඉන්න විදිය හොඳයි.
කොහොමත් මට ආදරේ ගැන හිතනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා.
අම්මා තාත්තව බලාගෙන නංගිගේ අනාගතේ ගැන හිතන එක ආදරේට වඩා මට වටිනවා. ඇත්තටම ඔය පරණ කතන්දර ගැන කතා කරන එක කිසිම තේරුමක් නැහැ.

කතාව පරණ වුණත් අප්ඬේට් එක අලූ‍ත්නේ. ඒකනේ කවුරු හරි කෙනෙක් මගේ ළඟත් ඉන්න ඕන කියලනේ ධනුක කියන්නේ?
මොන පිස්සුද, මම නම් ඔය වගේ දෙයක් කියලා නැහැ. මොකද මට කාගෙවත් ආදරයක් මගේ කරගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඇරත් ආදරේ ගැන හිතන්න තව කල් තියෙනවා. එදාට මගේම කියලා ආදරයක් ඇතිවුණාම එ් ගැන හැමෝටම කියන්නම්. මම දවස් 70ක් විතර එක දිගට රූගත කිරීම්වල යෙදිලා අදයි ගෙදර ආවේ.

පසුගිය දවසක ඔබ ටෙලි නාට්‍ය රංගනයේ ආයෙමත් යෙදෙන්නේ නැහැ කිව්වා නේද?
මම කිව්වේ මෙගා ටෙලි නාට්‍යය හා මියුසික් වීඩියෝ කරන්නේ නැහැ කියලයි. මේ ටෙලි නාට්‍යය කොටස් 40ක නාට්‍යයක්. ඒ නිසාමයි මෙහි රංගනයට එකතු වුණේ.

සිනමාවට වැඩි ඉඩක් දෙනවා කිව්වට ඔබ එක සිනමා පටයකවත් පේන්න නැහැනේ?
මේ වෙද්දී චිත‍්‍රපට පහකටම කතා කරලා තියෙනවා. 2019 වසරේ පෙබරවාරියේ රොහාන් පෙරේරා ගේ අලූ‍ත්ම චිත‍්‍රපටයේ වැඩ පටන් ගන්නවා.
ඇත්තටම එකින් එක රූගත කිරීම් එක්ක මුළු අවුරුද්දම දර්ශන තලයේ තමා ඉන්නේ. ඉස්සරහට මගේ වැඩ බලාගන්න පුළුවන්.

ධනුක කියන්නේ නොසිතපු විදියට කටකතාවලට මුහුණ දුන්න චරිතයක්. මේ ගොසිප් නිර්මාණ ගැන මොකද හිතන්නේ?
ගොසිප් කියන දේ ගොඩක් අයට මැජික් වුණාට මම ඒවා ගණන් ගන්නේ නැහැ.
හැමෝම අනුන්ගේ දේවල් හොයන වෙලාවක මම මගේ පාඩුවේ ඉන්නවා. ඒවගේ කතන්දර ඇඟට ගත්තම හරිම කරදරයි.
කොහොමත් මම කොළඹ කොල්ලෙක්. කොළඹ අය අනුන්ගේ දේවල් හොයන්නේ ගොඩක් අඩුවෙන්නේ.

අනාගතේ ගැන මොනවගේ බලාපොරොත්තු ද තියෙන්නේ?
මගේ හිතේ ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු නැහැ. මොකද එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්න එක ඔළුවට කරදරයි.
මේ මොහොතේ ගත කරන ජීවිතයයි වැදගත්. හැමෝමත් එක්ක හොඳින් ඉඳගෙන හොඳ සිතුවිලිත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙනියන්නයි මම සිහින දකින්නේ.
එ් අතරතුර වෙන දෙයක් වෙයි. එ් හැමදේටම මුහුණ දෙන්නත් මම සූදානම්.

 

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!