Gossip

ලෝකෙට පේන්න ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් ගන්න මිනිස්සු මැද චාම් විදිහට වෙඩින් එක අරන් අසරණ පවුලකට ගෙයක් හදපු ප්‍රදීප් – Photos

ලෝකෙට පේන්න ලක්ෂ ගණන් වියදම් කරලා සමහරු වෙඩින් ගන්නවා.
හැබැයි ඒ වගේ මිනිස්සු අතර චාම් විදිහට වෙඩින් එක අරන් ඉතුරු සල්ලිවලින් අසරණ පවුලකට ගෙයක් හදලා දීපු අපූරු යුවළක් ගැන මේ දවස්වල මුහුණුපොත පුරාම කතාවෙනවා.
ඔහු තමයි ප්‍රදීප් පොරවගම.
ප්‍රදීප් කරපු මේ සත්ක්‍රියාව ගැන මේ විදිහට සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

මගේ බිරිදත් මාත් අපේ විවාහ උත්සවය සංවිධානය කරන විට අපේ ප්‍රධාන අරමුණ වුණේ පුළුවන් තරම් අඩු මුදලක් වියදම් කරල අපේ විවාහය කරමු කියන එක.
ඉතින් අපි වෙඩිමකට අවශ්‍ය ලට්ට පට්ට හැම දේම පුළුවන් තරම් අඩුවට තමා බැලුවේ.
සමහර අයට හිතෙන් ඇති මුං පට්ට ලෝභයි කියලත්, හැබැයි ඉතින් අඩු වියදමින් වුණත් අපි හිතුවටත් වඩා අපේ වෙඩිම ලස්සනට කෙරුනා.
ඒ අපේ චේතනාවේ පිරිසිදු කම නිසාම වෙන්න ඇති. ඇත්තටම අපිට ඕන වුණේ ඒ ඉතිරි වන මුදලින් අසරණ පවුලකට ගෙයක් හදල දෙන්න.
අපි එදා බලාපොරොත්තු වුන ඒ සොදුරු සිතුවිල්ල අද අපිට කරගන්න පුළුවන් උනා.. හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඇත්තටම එක දවසකට අධික වියදමක් කරල ගන්න වෙඩින් එකකින් යම් මුදලක් කපා හැරල මේ වගේ කටයුත්ක් කරන්න පුළුවන්නම් ඒ දැනෙන සතුට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. ඇත්තටම වෙඩින් එක දවසටත් වඩා අපි මේ පිංකමෙන් සතුටු වුණා.
අද අපි නිසා මේ අසරණ පවුල සතුටින් ඉන්නවා, ඒ පොඩි ළමයින්ට හොද ආරක්ශාවක් ලැබෙනවා. නිවසක් සදා දෙනවා කියන්නේ දිවා රෑ පිං වැඩෙන පිං කමක්.

මුහුණුපොතේ හුවමාරු වුණු Post සහ ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!